Monday, December 30, 2013

32 වන සංවත්සරය ගණේමුල්ල වාසනා එල්ලේ ක්‍රීඩා සමාජය

       ගණේමුල්ල වාසනා එල්ලේ ක්‍රීඩා සමාජයේ 32 වන සංවත්සරය උත්සවය අලලා 2014 පෙබරවාරි මස 04 වන දින ශ්‍රී ලංකාවට නිදහස ලැබී 66 වන නිදහස් දිනට සමගාමීව එල්ලේ කණ්ඩායම් හතරකගේ සහභාගිත්වයෙන් එල්ලේ තරගාවලියක් ගණේමුල්ලේ වාසනා ක්‍රිඩාගනයේදී  පවත්වන ලදී.
  මෙම තරගමාලාව සදහා පූර්ණ අනුග්‍රහය දක්වා තිබුනේ බස්නාහිර පලාත් සභා මන්ත්‍ර මෙරිල් පෙරේරා මැතිතුමා විසිනි.
  කැළණිය කැලණිතිස්ස එල්ලේ ක්‍රීඩා සමාජය,කදාන ශාන්ත සෙබස්තියන් එල්ලේ ක්‍රීඩා සමාජය,හුණුපිටිය ශ්‍රී එකමුතු ක්‍රීඩා සමාජයන් මෙම තරගමාලාවට ආරාධිත කණ්ඩායම් වශයෙන්ද ,ගණේමුල්ල වාසනා ක්‍රීඩා සමාජය සත්කාරක කණ්ඩායම වශයෙන්ද තරගමාලාවට සහභාගී වන ලදී
      ජාතික ධජය සහ කණ්ඩායම් ධජ එසවීමෙන් අනතුරැව  වාසනා ක්‍රීඩා සමාජයට ක්‍රිඩා කරමින් සිට මියගිය අයවලුන් මෙන්ම රට ජාතිය වෙනුවෙන් දිවි කැපකරන ලද රණවිරැවන්ද සිහිපත් කිරිමෙන් පසු චාරිත්‍රානුකුලව පොල්තෙල් පහන් දල්වා තරගාවලිය ආරම්භ කරන ලදී.
  එක් ඉනිමකට සීමාවු මෙම තරග මාලාවේ ප්‍රථම තරගය සදහා හුණුපිටිය ශ්‍රී එකමුතු පිලත් කැළණිය කැළණිතිස්ස පිලත් සුදුසුකම් ලබාගන්නා ලදී කාසියේ වාසිය අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කැළණිය කැළනිතිස්ස කණ්ඩායම සියලුම ර්‍කඩකයින් දැවි ලකුනු 12 ක් ලබාගන්නා ලදි.එයට පිලිතුරැ ඉනිම දියත් කල හුණුපිටිය ශ්‍රී එකමුතු ක්‍රීඩා සමාජය ලකුණු 13 ක් ලබාගනිමින් ප්‍රථම තරගයෙන් ජය ගන්නා ලදී.
       දෙවන තරගය සදහා සුදුසුකම් ලබාගත් කදාන ශාන්ත සෙබස්තියන් පිලත් ගණේමුල්ල වාසනා පිලත් අතරින් කාසියේ වාසිය දිනු කදාන ශාන්ත සෙබස්තියන් ක්‍රිඩා සමාජයේ නායක විසින් ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට තිරණය කල බැවින් ඔවුන් සියලු දෙනාම දැවි ලකුණ්‍ර 14 ක් ලබා ගන්නා ලදී.එම ලකුනු 14 සදහා චම්න්ද අප්පුහාමී,චන්දන නිරෝෂන්,අජිත් නිරෝෂන් ලකුණු දෙක බැගින් ලබා ගන්නා ලදී.
           ජයග්‍රාහි ලකුණු 15 හබාගිය ගණේමුල්ල වාසනා කණ්ඩායම ඔවුන්ගේ ක්‍රිඩකයින් දසදෙනකු දැවී ලකුනු 14 ක් ලබා ජයග්‍රහණය ඉතා පහසුවෙන් ලබා ගන්නට උත්සාහ කලද දක්ෂ ලෙස පන්දු රැකිමෙහි යෙදුන කැළණිය කැළණිතිස්ස ක්‍රීඩකයින් වාසනා කණ්ඩායමේ ක්‍රීඩකයින් පස්දෙනකුම කිසිදු ලකුණක් නොදී දවාගැනිමට සමත් වූ බැවින්  අවසන් ක්‍රිඩකයාහට එක් ලකුණ්ක් ලබා ගැනිමට තිබු බැවින්  තරගය  ඉතා උණුසුම් මුහුණුවරක් ගන්නා ලදී.කෙසේ වෙතත් අවසන් ක්‍රිඩකයා විසින් ක්‍රිඩා පිටියෙන් ඉවතට දිර්ඝ පහරක් එල්ල කරමින් ලකුණක් ලබාගත් අතර එම තරගයේ ජයග්‍රහණය ගණේමුල්ල වාසනා කණ්ඩායමට ලබා ගැනිමට හැකිවිය.
     ඒ අනුව ශ්‍රී ලංකාවේ 66 වන නිදහස් දින සැමරිමට සමගාමීව පවත්වන ලද ගණේමුල්ල වාසනා එල්ලේ ක්‍රීඩා සමාජයේ 32 වන සංවත්සරය උත්සවය සැමරීම වෙනුවෙන් පැවති  එල්ලේ තරග මාලාවේ අවසන් තරගය සදහා ගණේමුල්ල වාසනා ක්‍රීඩා සමාජයත් හුණුපිටිය ශ්‍රී එකමුතු ක්‍රීඩා සමාජයත් සුදුසුකම ලබා ගන්නා ලදී .
   ගණේමුල්ල වාසනා පිලේ ජයග්‍රහණය සදහා අනුරාධ මදුෂාන් ලකුණු 04 ක් ලබාගත් අතර සචින්ද මකරන්ද ලකුණු තුනක්ද,අජිත් කුමාර සහ වජිර ඉන්දික ලකුණු දෙක බැගින් ලබා පන්දුවට පහර දිමේදී  දක්ෂතා පෙන්වන ලදී
අවසන් මහා තරගය
    සත්කාරක ගණේමුල්ල වාසනා ක්‍රීඩාසමාජය සහ හුණුපිටිය ශ්‍රී එකමුතු අතර  විය.මුලින්ම පන්දුවට පහරදුන් ගණේමුල්ල වාසනා ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් ලකුණු 20 ලබාගන්නා ලදී ජග්‍රහණය සදහා හුණුපිටිය හ්‍රි එකමුතු ක්‍රිඩා කණ්ඩායමට ලකුණු 21 ක් අවශ්‍යවු බැවින් දක්ෂලෙස පන්දුවට පහර දෙමින් ක්‍රිඩකයින් කිහිප දෙනකු ඉතිරිව සිටියදී ජයග්‍රහණය ලබා කුසලානය දීනා ගන්නා ලදී.
.ගණේමුල්ල වාසනා ක්‍රිඩා සමාජයේ සංවිධායක වශයෙන් කටයුතු කරන ලද්දේ රොෂාන් සංජිව මහාතාය.
  ප්‍රධාන තරග විනිසුරැ වශයෙන්  එල්ලේ සම්මේලනයේ විනිසුරැ  කොටුවිල නැගෙනතරැ ක්‍රීඩා සමාජයේ වසන්ත කුමාර මහතා කටයුතු කල අතර සහය විනිසුරැවන් වශයෙන් පිලිප් සුරේන්ද්‍ර  දර්ෂණ කොළඹගේ යන මහතුන් විසින් ඉටු කරන ලදී

පැවති ස්ථානය        :- ගණේමුල්ල වාසනා ක්‍රීඩාංගනය     
සංවිධානය               :- ගණේමුල්ල වාසනා එල්ලේ ක්‍රිඩා සමාජය
පැවති දිනය          :- 2014 පෙබරවාරි මස 04 වන දින ශ්‍රී ලංකාවේ 66 වන නිදහස් සමරැ දිනයටද සමගාමීව පවත්වන ලදී
විනිස්චය මණ්ඩලය :- වසන්ත කුමාර,පිලිප් කුරේ,දර්ශණ කොළඔගේ 
පුර්ණ අනුග්‍රහය       :- බස්නාහිර පලාත්සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා මැතිතුමා    

       තරගාවලියට සහභාගී වූ කණ්ඩායම්
තරගය
කණ්ඩායමේ නම
ඉනිම්
ජයග්‍රහනය
පරාජය
වෙනත්
අංකය
1
2



01
කැළණිය කැළණිතිස්ස
12



   

පරාජය
                     

හුණුපිටිය ශ්‍රී එකමුතු
13




ජයගන්නාලදී












02
කදාන   ශාන්ත සෙබස්තියන්
14





පරාජය


ගණේමුල්ල වාසනා
15




ජයගන්නාලදී











අවසන් මහා තරගය







1
2



03
හුණුපිටිය ශ්‍රී එකමුතු
21




ජයගන්නාලදී



ගණේමුල්ල වාසනා
20





පරාජය













ජයගාහී කණ්ඩායම :-  හුණුපිටිය ශ්‍රී එකමුතු ක්‍රීඩා සමාජය
අවසන් තරගයේ දක්ෂතම ක්‍රිඩකයා:-
තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා:-
තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා:-
තරගාවලියේ වැඩිම උඩපන්දු අල්ලා ගත් ක්‍රීඩකයා:-
තරගාවලියේ හොදම කඩඉම් රකින්නා:-

වෙනත් විස්තර :-
........................ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න .....................





 





 



 


 


 

 


 
 

 
......................ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න .....................
 





 
 

 






















........................ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න .....................





 

 

 
 



 

 
 
 

 
 

 
........................ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න .....................
 


 







 



 
 

 














........................ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න .....................
 

 










 

 




........................ඔබගේ කණ්ඩායමේ  හෝ  තරගමාලාවේ  තොරතුරැ එවන්න .................... 

























                                                                 




ගණේමුල්ල වාසනා එල්ලේ ක්‍රිඩා සමාජයේ 32 වන සංවත්සරය  වෙනුවෙන් 2014.02.04 වන දින පැවති තරගාවලිය.

No comments:

Post a Comment