Monday, December 30, 2013

ඉතාලියේ එල්ලේ ක්‍රිඩාව

     අතිත මුතුන් මිත්තන් විසින් ශ්‍රි ලංකාවට දායාද කළ එමෙන්ම අපට ආවේණික වු එල්ලේ ක්‍රිඩාව එල්ලේ ක්‍රීඩාව කොළඹ ගම්පහ වැනි බස්නාහිර පලාතට අයත් දිස්ත්‍රික්කයන් තුල වෙසෙන ගොවි ජනතාවත් මෙන්ම වයඹ පලාතට අයත් පුත්තලම් යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන ධීවර ජනතාවත් මෙන්ම බස්නාහිර පලාතේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික සාමාන්‍ය පන්තියේ ජනතාවත් විසින් වර්ථමානය දක්වා රැගෙන ඒමට දායකත්වය සපයා ඇති බව අප සැම පිලිගත යුතු සත්‍යයි.
  එසේම ශ්‍රි ලංකාවේ සිට ඉතාලි රාජයේ රැකියාවන් සොයා ගොස් ඇති අයවලුන් අතරින් වැඩිම කොටසක් අයත් වන්නේ වයඹ පලාතට අයත් දිස්ත්‍රික්කයන් වලින් මෙන්ම වයඹ පලාතට අයත් මුහුදට ආසන්න වෙන්නප්පුව,කටුණේරිය,නයිනමඩම,ලුණුවිල ,බොරලැස්ස සහ මිගමුවට ආසන්න ගම්මානයන් ඒ අතරින් ප්‍රධාන ස්ථනය ගනු ලබන බවද පෙන්වා දිය හැක......
  මෙම අයවලුන් එතෙර රටක රැකියාවේ නියුතු වුවද අතිත මුතුන් මිත්තන් විසින් තමනට දායාද කල  තම දෙමව්පියන් විසින් තමන් විසින් හුදු විනෝදස්වාදය සදහා ක්‍රිඩා කරන ලද එල්ලේ ක්‍රිඩාව අමතක නොකොට තම මුතුන් මිත්තන් ඉටුකල අයුරැ සිහි ගන්වමින් තම රැකියාවේ කාන්සිය මගහරවා ගැනිම පිනිස තමන් සමග යුරෝපා රටක එල්ලේ ක්‍රිඩා කිරිම ඇත්තෙන්ම ප්‍රසංසනිය  කරැණකි.
 තම සහජ උරැමයෙන් ලබාගත් එල්ලේ ක්‍රීඩාවෙන් ශ්‍රි ලංකාව තුලදී දෂ්කම් පෙන්වන ලද බොරලැස්ස සදතරැ,නයිනමඩම ශාන්ත මරියා,ලුණුවිල නැගෙනතරැ,මුදුකටුව පාතිමා,රංගම්මුල්ල එක්සත්,මිගමුව අපිබඹරැ ,බොරලැස්ස ශාන්ත ආනා වැනි කණ්ඩායම් නියෝජනය කරමින් සිට  ඉතාලිය වැනි යුරෝපා රටක රැකියාවන් සදහා ගොස් සිටින තරැණ කොටස් තම අතිතය අමතක නොකිරිම එල්ලේ ක්‍රිඩාවේ අනාගත සුභ ලකුණක් නොවන්නේද?
එල්ලේ ක්‍රිඩාව රැක ගැනිම සදහා මෙම එල්ලේ ක්‍රිඩකයින් මෙන්ම සංවිධායකයින් ,නන් අයුරින් සහය ලබාදෙන්නන් නොවන්නට එල්ලේ ක්‍රිඩාවද අනෙකුත් ජාතික ක්‍රිඩාවන් මෙන් ශ්‍රි ලංකාවේ ජනතාවගේ මතකයෙන් ඈතට ගොස් බොහෝ කලකි.

http://ellesrilanka.blogspot.com           තවත්  විස්තර බලන්න>>>









No comments:

Post a Comment