Monday, December 30, 2013

ක්‍රීඩා පිටියක් සකස් කර ගන්නා ආකාරය

එල්ලේ කීඩාවේ ඇති මුලික වු ගුණාංගයන් 
1.     බෝලයට එල්ලය බලා වේගවත්ව පහර එල්ල කිරිම.
2  උඩ පන්දුවක් හෝ බිම දිගේ පැමිණෙන පන්දුවක් සාර්ථකව අල්ලා ගැනිම.
3. අල්ලා ගන්නා බෝලය එල්ලය බලා ඉතා දුරකට විසිකිරිමට හැකිවිම.
4.  වටය දුවන්නා වෙතට ඕනෑම දුරක සිට එල්ලටය පහර එල්ල කොට දවාගැනීමට හැකිවීම.
5. වේගයෙන් ධාවන හැකියාව සහ ධාවනයේදී තමන් වෙත එල්ලවන බෝලයෙන් බේරි ලකුණු ලබා ගැනිම

ක්‍රීඩා පිටිය
  සාමාන්‍යයෙන් එල්ලේ පන්දුවට පහරදෙන්නකු වේගවත් අයුරින් පහරවල් එල්ල කරනු ලබයි. එසේ හෙයින් යාර 150 ත් 200 ක් තරම් වු දුරකට පන්දුව යන බැවින් හා එක් පිලකට ක්‍රීඩකයින් 16 දෙනකු පන්දු රැකිමෙහි යෙදිමට සිදුවන නිසාත්,ක්‍රීඩා පිටිය තුල ලකුණක් ලබා ගැනිම සදහා ඇති වටය අඩි 220ක් පමණ වන නිසාත්,එල්ලේ ක්‍රීඩාව සදහා සෑහෙන විශාලත්වයෙන් යුක්තවූ විවෘත ක්‍රීඩා පීටියක් යොදා ගත යුතුයි.

ක්‍රීඩා පිටියක් සකස් කර ගන්නා ආකාරය 
1.       දැවුම් කනුදෙක අතර දුර ප්‍රමාණය මීටර් විසි හතරක් විය යුතුය.

2.     දැවීම් කණුවක උස පොළව මට්ටමේ සිට මිටර් දහයකි.පළල වට ප්‍රමාණය මිලි මීටර් දහයකි.
3.    පන්දුවට පහර දෙන්නාගේ අඩකවයේ හරිමැද සිට වම්පස දැවුම් කණුවට මිටර් දොළහක් විය යුතුය.එසේම දකුණු අත දැවුම් කණුවටද මිටර් දොළහක් විය යුතු අතර එම කණු දෙක අතර දුර මිටර විසිහතරකි.එම දුර ප්‍රමාණය පැහැදිලිව දර්ශණය වන පරිදි  අළුහුණු යොදා සුදු පාටින් සලකුනු කලයුතුයි..
4. දැවුම් කණු දෙක හරි මැද පන්දුවට පහර දෙනු ලබන ක්‍රීඩකයාට ප්‍රහාරය එල්ල කිරිම පිණිස අඩකවයක් තිබිය යුතුය.එම අඩ කවයේ විස්කම්භය මිටර් එකහමාරක් විය යුතුය.
5.  පන්දුවට පහර දෙන්නා සහ පන්දු එවන්නා අතර දුර ප්‍රමාණය මීටර්   දොළහකි.පන්දු එවන්නා සිටින ස්ථානයද සලකුණු කර තිබිය යුතුය.
6.      පන්දු එවන්නා සහ පළවන කට්ටියේ පිටත නැවතුම් කනුවට දුර ප්‍රමාණය මීටර් දොළහක් විය යුතු අතර පන්දුවට පහර දෙනු ලබන ක්‍රිඩකයාගේ දකුණුපස දැවීම් කණුවේ සිට පළමුවන නැවතුමේ පිටත කොඩියට දුර ප්‍රමාණයද මීටර් දොළහකි.එය දැවිම් කණුව කෙලින්ම විය යුතුය
7.      පන්දු එවන්නා සහ දෙවන කට්ටියේ පිටත නැවතුම් කනුවට දුර ප්‍රමාණය මීටර් දොළහක් විය යුතු අතර පන්දුවට පහර දෙනු ලබන ක්‍රිඩකයාගේ අඩකවයේ හරි මැද සිට දෙවන නැවතුමේ පිටත කොඩියට දුර ප්‍රමාණයද මීටර් විසිහතරක් විය යුතුය.
8.     තෙවන නැවතුම සකස් කරගත යුත්තේ පන්දුවට පහර දෙනු ලබන ක්‍රිඩකයාගේ  වම් අත පැත්තට ඇති දැවුම් කණුවේ සිට තෙවන නැවතුමේ පිටත කොඩි කනුවට දුර මිටර් දොළහක් ඉදිරියටය.එය දැවිම් කණුව කෙලින්ම විය යුතුය.පන්දු එවන්නා සහ තෙවන කට්ටියේ පිටත නැවතුම් කනුවට දුර ප්‍රමාණය මීටර් දොළහක් විය යුතුයි. 
9.නැවතුම් සදහා යොදා ගන්නා කොඩි දෙත අතර පරතරය මීටර් එකක් විය යුතු අතර එක් කොඩියක උස පොළව මට්ටමේ සිට මීටර් එකකි.

10.  එසේම පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයා හැර අනෙකුත් ක්‍රීඩකයින්හට රැදී සිටිම සදහා දැවීම් කණු දෙකට පිටුපසින් මිටර් පහක කොටසක් සලකුණු කොට සුදු පාටින් සලකුනු කොට තිබිය යුතුයි.

පාසැල් ක්‍රීඩා තරගයන් සදහා ක්‍රිඩා පිටිය සකස් විය යුතු ආකාරය.    
        අන්තර් සමාජ සහ ආයතන එල්ලේ ක්‍රිඩා තරග මෙන් නොව පාසැල් ක්‍රිඩා තරගයන් සදහා ක්‍රිඩා පිටිය මදක් කුඩාවන අතර අනෙකුත් සියලුම දෙයක්ම සහ නිති රිතින් ඒ ආකාරයෙන්ම බල පැවැත්වේ
   ක්‍රිඩා පිටියේ දුර අන්තර් ක්‍රිඩා සමාජ මට්ටමේ මිටර් දොළහක දුර ප්‍රමාණය පාසැල් ක්‍රිඩා තරගයන් සදහා මිටර් එකොළහකි
.
එල්ලේ තරග රටාවන්

·       එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ තරග
·   එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ තරග
·   එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ තරග
·   එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ තරග
·   එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන පන්දු 40ට සීමාවු තරග
·   එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු දෙකක් බැගින් පිරිනමනු ලබන පන්දු 40ට සීමාවු තරග
·   එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන  එක්වරකදී පන්දු එකක්  බැගින් පිරිනමනු ලබන පන්දු 40ට අඩු සීමාවු තරග
·   එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු දෙකක් බැගින් පිරිනමනු ලබන පන්දු 40ට සීමාවු තරග
·       පන්දු වාර ගනන සීමාකර පවත්වනු ලබන තරග(මෙම පන්දු සිමාකරමින් පවත්වන තරග.(අවම          පන්දුවාර ගනන පන්දු 15 කටද උපරිම පන්දු 40 කටද සීමාවේ)

මෙසේ තරග රටාවන් තෝරා ගෙන තරග පවත්වනු ලබන්නේ ඒ ඒ තරගමාලාවන් සංවිධානය කරනු ලබන සංවිධායක මණඩලයන් විසිනි. 

පන්දුවාර 40 එල්ලේ තරග

1.පන්දුවාර 40 කට සීමාවේ.
2.තරගමාලාවක් සදහා එක් දිනකට සහභාගී කරගත යුතු කණ්ඩායම් ගනන අටකි.එම ප්‍රමාණයට වඩා සහභාගි කර නොගත යුතු අතර කණ්ඩායම් ප්‍රමාණය අඩුවද වරදක් නොමැත.
3.ලකුණු සම තත්වයකට පත්වු විට තවත් පන්දු පහකට හෝ ඉන්වැඩි ගනනක තරගයක් සංවිධායක මණ්ඩලයේ තීරණය මත පවත්වා ජය පරාජය තීරණය කල යුතුය.
4.ඉන් ජය පරාජය තීරණය කිරිමට නොහැකි වුවහොත් විනිසුරැවන්ගේ තීරණය මත කාසියේ වාසිය උරගා බලා ජය පරාජය තීරණය කල යුතුය.

එල්ලේ ක්‍රීඩකයක දැවීයන ආකාරය

1. එක් ඉනිමේ තරගයකදී එක් ක්‍රීඩකයෙකුහට පන්දු තුණකට මුහුණ දිය හැකි අතර පන්දු තුණකට පහර එල්ල කිරිමට ගොස් එම උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
මෙය එක් පන්දුවකට පමණක් සිමා වු එල්ලේ තරගයකදී එම එකම පන්දුවට පහර එල්ල කිරිමට පන්දුවට පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා අසමත් වුවහොත් එය දැවීයාමකි.
2.එක් ඉනිමේ තරගයකදී පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාට ලබාදි ඇති පන්දු තුනෙන් එකක් පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අවශ්ථාවකදි ඉතිරි පන්දු දෙකට පහර එල්ල කිරිමේදි එම උත්සාහයන් දෙක ව්‍යවර්ථ වු විට දැවියාමකි.
 මෙය එක් පන්දුවකට පමණක් සිමාවු තරගයකදි නම් එම එකම පන්දුවටද පහර එල්ල කරන ක්‍රිඩකයා විසින් පහර එල්ල නොකොට ප්‍රතික්ෂෙප කල අවශ්ථාවකදි එය දැවියාමකි.
3. .එක් ඉනිමේ තරගයකදී පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාට ලබාදි ඇති පන්දු තුනෙන් දෙකක් පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අවශ්ථාවකදි ඉතිරි පන්දුවට පහර එල්ල කිරිමේදි එම උත්සාහය ව්‍යවර්ථ වු විට දැවියාමකි.
4. එක් ඉනිමේ තරගයකදී පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාට ලබාදි ඇති පන්දු තුන පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයා විසින් ප්‍රතික්ෂේප කිරිමද දැවියාමකි.
5.දැවුම් කණු දෙක අතර සටහන් කර ඇති මිටර් 1.5 විස්කම්භයක් ඇති අඩකවයෙන් පිටතට එක් අඩියක් තබා පන්දුවට පහර එල්ල කිරිමද දැවියාමකි.
6.පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා පන්දුවට පහර එල්ල කරන අවශ්ථාවේදි ගන්නා උත්සාහය අසාර්ථක වු අවශ්ථාවකදි එම ක්‍රිඩකයා වෙනුවට ධාවනය වන ධාවකයා විසින් මධ්‍ය රේඛාව පසුකල විට දැවීයාමකි.
7.ධාවනයේ යෙදෙන ක්‍රිඩකයා විසින් තම ධාවනයට නියමිත දැවුම් කනුව අසල සටහන් කර ඇති රේඛාව ඉදිරියෙන් සිට ධාවනය ආරම්භ කලෙහිනම් එයද දැවියාමකි.
8.ධාවනයේ යෙදෙන ක්‍රිඩකයා විසින් තමන් පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා වෙනුවට ධාවනයේ යෙදෙන බව ප්‍රධාන විනිසුරැ දැනුවත් නොකොට ධාවනයේ යෙදිම පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයාගේ දැවියාමකි.
9. ධාවනයේ යෙදෙන ක්‍රිඩකයා හෝ පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයා විසින් ධාවන වටය පසු කිරිමට යාමේදි පළමු,දෙවන සහ තෙවන නැවතුම්හි ඇතුලත සිටුවා ඇති සටහන් කොඩිකණු කඩා දමමින් හෝ ඒවාට උඩින් පැන ධාවනයේ යෙදෙමින් වටය නිමකිරිමට උත්සාහ කර ධාවනයේ යෙදිම පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයාගේ දැවියාමකි.
10.පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට මිටර් දොළහක් වශයෙන්ද ක්‍රිඩා පිටියේ දෙපැත්තට මීටර් විසිහතරක් වශයෙන් සටහන් කර ඇති සීමාවෙන් ඇතුලත වැදී දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
11. පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට ගොස් පළමුවන සහ දෙවන නැවතුම් ඇතුලත හෝ පිටත කණු වල ඉහල හෝ පහල කොටසේ වැදි දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
12. පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට ගොස් පළමුවන සහ දෙවන නැවතුම් ඇතුලත හෝ පිටත කණු වල ඉහල හෝ පහල කොටසේ වැදි දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
13. පහර එල්ල කරන ලද පන්දුව ඉහලින් හෝ පහලින් දැවුම් කනුවේ ඇතුලතින් දැවුම් කණු දෙක අතරින් පිටිපසින් යාමට පහර එල්ල කිරිම දැවීයාමකී.
14.පහර එල්ල කිරිමේදි එම පන්දුව ධාවකයාගේ හෝ පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාගේ ඇගේ දැවටීම දැවීයාමකී.
15.පහර එල්ල කරන ක්‍රිඩකයාගේ පන්දුව උඩ පන්දුවක් ලෙස අල්ලා ගැනිම.
16.ක්‍රිඩාංගනයේ අවට පිහිටා ඇති ස්ථීර ගොඩනැගිල්ලක,ස්ථීර නිශ්චල වශ්තුවක,තුරැ ලතාවක හෝ ක්‍රිඩකයෙකුගේ දනහිසින් ඉහළ පුමාණයේ තුරැලතා කොටසක පන්දුව වැදී එම පන්දුව පන්දු රකිනු ලබන ක්‍රීඩකයෙකු විසින් බිම නොවැදී සුරැකිව රැක ගත්තේනම් එය දැවී යාමකි.
17.ධාවන වටයේ අවශානයේදි හෝ ධාවන වටයේ අතර මැදි කොටසේ දී පළමුව දිවයන ක්‍රිඩකයා පසුකර දිවයෑම දැවීයාමකි.
18.පහර දෙනු ලබන පන්දුව බිම නොවැදී පන්දු රැකීමේ නියුතු ක්‍රීඩකයෙකුගේ ඇගේ ඔනෑම කොටසක වැදි ඉහල ගිය හොත් එම පන්දුව රැක ගැනිම දැවියාමකි.
19. පහර දෙනු ලබන පන්දුව පන්දු රැකීමේ නියුතු ක්‍රීඩකයෙකු විසින් රැගෙන ධාවනයේ යෙදෙන ක්‍රිඩකයාගේ ඇගේ දැවටිම දැවියාමකි.
20. පහර එල්ල කරන ලද පන්දුව දැවුම් කනු දෙක අතර සටහන් කර ඇති සළකුන් ඉරෙහි පිටුපස වැදී ඉදිරියට ගමන් කිරිම දැවියාමකි.
21පන්දුවට පහර දුන් ක්‍රිඩකයා වෙනුවට ධාවනයේ යෙදුන ක්‍රීඩකයා එක් නැවතුම් ස්ථානයක නැවතී සිටියදී නැවතත් ප්‍රහාර එල්ල කිරිමට අඩකවයට පැමිණිම දැවීයාමකි.
22.ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා විසින් නැවතුම් පසුකර ගොස් නැවත නැවතීම සදහා ස්ථාන ගැනීමද,නැවතුමක් උඩින් පැන නැවතීමද දැවීයාමක් වේ.
23.නැවතීම් ඉරක එකම පැත්තකට පා දෙක තබා නැවතීම දැවීයාමකි.
24.නැවතීමක ක්‍රිඩකයින් දෙදෙනකු නැවතීමේදී එම නැවතීමේ සිටි පළමුවන ක්‍රීඩකයාගේ දැවයාමකි.
25.නැවතුමක එක් පාදයක් ඔසවාගෙන සීටිම හෝ නැවතුමක නිසිඅයුරින් නැවතිමට ප්‍රථම පන්දුව ඇගේ දැවටීම දැවීයාමකි.


=== එල්ලේ ක්‍රිඩාව සදහා අවැසි උපකරණ===

                                                           ක්‍රීඩා උපකරණර>>

.                

No comments:

Post a Comment