Monday, December 30, 2013

නිසදැස්

මාගේ සිහිනය...........
එකම ඉරක්.....
එකම සදක්....
පායන තුරැ මේ දෙරණේ.....නොනිදා මම පහන් ........
එලිවෙන තුරැ සිහිනෙ මගේ..........
         ජාති බේදෙ - කුළ බේදය ...
         වපුරන ඒ බීජ වලින්............
         බිජු ලන්නට - නොදී හොදින්..............
         විසි කරපන් - ගිනි මැලයට................
විනාශ වී - යන එලියෙන්...............
පායන නව - හිරැ කිරනින්.......
උදාවෙනා - නව දිනයක්............
පතනෙමි මම - එකම සිතින්............


කුරැටු ගීත..........
පොඩි එකාගෙ කුරැටු ගීත.....
වෙයි සත්‍යය නොවී ඈත....
එපා මකන් කුරැටු ගීත.....
වියැකී යයි ඒ සත්‍යය........
       මනස හොදින් දියණු කරන්.....
       සත්‍යය වටහා ගනිමින් ........
       අනාගතය බාර ගන්න.....
       කුරැටු ගීය හොද හුරැවකි......
පොඩි ගහ දලු ලා වැඩෙනව.....
වැඩිලා මහ රැකක් වෙනව.....
සරැ පලදා ඉන් ලබනව.....
ඉන් පතිළුල සැම ලබනව....

      මගේ පුතා මගේ ගෙදර බිත්තියේ හුණු කුරැ අරගෙන මුලු බිත්තියම වැහෙන්නට කුරැටු ගීත  ලියපු අවශ්ථාවකදී මගේ මතකයට ආ විට ලියු සංකල්පනාවකි.
      එම කුරැටු ගීත ඔහුහට තේරැම් ඇති කාලය වනතුරැම බිත්තියේ ඒ ආකාරයෙන්ම තිබෙන්නට සලස්වන ලදී.

රණවිරැ බිරිදක්.......
චුටි පුතුගෙ ටිකිරි සිනා....
පෙනෙනා විට නිවස පුරා.....
මැකී යාවී තනිකම මගෙ....
ගෙවනා විට දවස පුරා.....
        තනිකම පාලුව දැනුනත්......
        නුඹ නිවසේ නැති දිනවල....
        පියා නුඹේ සිටියෙ එවිට....
        රට රැක ගන්නයි සටනේ....
දිරිය පියෙකි නුඹගෙ පියා....
ඒවි නුඹව බලල යන්න....
බැහැ නොකියා ආව විගස....
සතුටු කරන් උඹ පියාව....

තවත් මා ලියු මාගේ අදහස් වු නිසදැස්...බලන්න..... 







No comments:

Post a Comment