Monday, February 17, 2014

එල්ලේ ජයගන්න නම්

--------------------------------------------------------------------------------------------------
              
----------------------------------------------------------------------------------------------------
    එල්ලේ ක්‍රීඩාව මෙතෙක්  කලක් රැකගැනීම සදහා පැරණි සහ වර්ථමාන එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරින්  ක්‍රීඩකමහතුන්  මෙන්ම තරග නරඔන්නන්  තරග සංවිධායකයින් ඉටුකර ඇති මෙහෙය නොවන්නට  එල්ලේ ක්‍රීඩාවද සිංහල ජාතියට ආවේණික වු අනෙකුත් ක්‍රීඩාවන්  මෙන්  වර්ථමාන අතිත  පරම්පරාවන්ට දැකගැනීමට නොහැකිවනු ඇත.
    ජනමාධයයන් වෙතින් ඹ්නැම දෙයක් ඉතා වේගයෙන් මහජනතාව අතරට රැගෙන ගොස් ජනප්‍රය කරවිම ඉතා ලෙහෙසි පහසු කටයුත්තක් වුවද  ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයන් කිහිපයක් හැරෙන්නට එල්ලේ ක්‍රීඩාව මහජනතාව අතරට රැගෙනයාමට උත්සුක වන ජනමාධ්‍යෙව්දීන්  ඇත්තේද අතලොස්සක් වන සුළු පිරිසක් බැවින් එල්ලය ක්‍රීඩා සගරාවක් වශයෙන් ඉදිරියට රැගෙන යාමට අදහස්කර ඇත්තේ ක්‍රිඩා සමාජයන්.ක්‍රීඩා ලෝලින් ඇතුළු එල්ලේ ක්‍රීඩාවට ලැදි  සියළු ලාංකීකයින් දැනුවත් කරමින් දායකත්වය ලබාගැනිම සදහායි.
    එල්ලය සගරාව එල්ලේ ක්‍රීඩාවට හිතැති ඔබලේම ක්‍රීඩා සගරාවයි.ඒ සදහා එල්ලේ ක්‍රීඩා තොරතුරැ ඉදිරිපත්කොට නොකඩවා ඉදිරියට රැගෙනයාම එල්ලේ ක්‍රීඩාවට ලැදි සැමගේ අදහස් හා යෝජනාවන් අනුව වර්නවත් කිරිමද  ඒ තුලින් ලංකාවේ අනෙකුත් පලාත්හි සිටින අයවළුන් දැනුවත් කිරිම අපගේ අදහසයි.
    ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ළුලිදක්වනු ලබන ප්‍රථම එල්ලේ ක්‍රීඩා සගරාව වන මෙම එල්ලය සගරාව වසරකට කලාප තුනකින් එල්ලේ ක්‍රීඩා තොරතුරැ පමණක් ඇතුලත් කොට  එල්ලේ ලෝලීන් අතරට රැගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.
    මෙම සගරාව සදහා එල්ලේ තරග විස්තර.එල්ලේ පැරණි ක්‍රීඩක තොරතුරැ තරගමාලාවන්හි විස්තර සහ පැරණි එල්ලේ ක්‍රීඩා විස්තර මෙන්ම එල්ලේ ක්‍රීඩාවට යෝග්‍යවන ඕනෑම කරැණක්  ඇතුලත් කිරිමට බලාපොරොත්තු වන බැවින් එම විස්තර  ලබාගැනිමටද අදහස් කර ඇති බැවින් ඹබගේ සහයද අපේක්ෂා කරමු.
    මෙම සගරාව තුලින් එල්ලේ ක්‍රීඩාව තව තවත්  ජනප්‍රීය කරවිමට හැකියාවක් ලැබෙන අතර දක්ෂතා දක්වනු ලැබු එල්ලේ ක්‍රිඩකයින් පිළිබද මෙන්ම වර්ථමාන දක්ෂ එල්ලේ ක්‍රිඩකයින්ගේ  සියළු තොරතුරැද  ඇතුලත් කිරිම තුලින් එල්ලේ ක්‍රිඩාව වර්ථමාන තරැණ පරපුර වෙත මෙන්ම අනාගත පරම්පරාව වෙත වැඩි වටිනාකමකින් යුක්තව දායාද කරන්නට හැකියාවක්  ලැබෙන බවද සදහන් කල හැක.
     තවද එල්ලේ  සගරාව එල්ලේ ක්‍රීඩා ලෝලීන් අතරට රැගෙන යාම සදහා එල්ලය සගරාවේ සාමාජිකත්වය ලබා දීමටද අදහස් කර ඇති බැවින් එල්ලේ ක්‍රිඩාවට ලැදි සෑම අයෙකුටම ඒ සදහා එල්ලය සගරාව  ආරාධනා කර සිටින අතර මෙය නොකඩවා රැගෙන යාමට ඹබ සැමගෙි වටිනා අදහස් හා යෝජනාද අප ධ්‍යෛයමත් කිරිමට ඉමහත් පිටුවහලක්  වන බවද සදහන් කරමු.
    ඹබ කල යුත්තේ නම ලිපිනය දුකථන අංකය  පලාග දිස්ත්‍රීක්කය එල්ලේ කණ්ඩායමකට ක්‍රීඩා කරන්නේ නම් ඒ බැව් හෝ එල්ලේ කණ්ඩායමකට සහයෝගය දක්වන්නේ නම් ඒ බවද  සදහන් කොට  මෙහි සදහන් කරඇති  ලිපිනයට හෝ  ඊ මේල් ලිපිනයට  විස්තර එවීමයි.
    මෙම එල්ලය සගරාව නොකඩවා පවත්වාගෙන යා යුත්තේ අතිත මුතුන් මිත්තන්ගෙන් එල්ලේ  ක්‍රීඩාව පැවතගෙන ආවද මෙතෙක් ජාත්‍යන්තර තලයට නොගිය එක් ක්‍රීඩාවක් වශයෙන් සදහන්  වෙන බැවින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යෙව්දින් විසින් ඉටුනොකරනා එම මෙහෙය අප විසින් හෝ ඉටුකල යුතු වැවිනි.ඒ සදහා ඹබ සැමගේ සහය ඉතා අවශ්‍යබැව් නැතත් සදහන් කරන්නේ එල්ලේ ක්‍රීඩාව අනෙකුත් ප්‍රෙද්ශයන්හි මෙන්ම විදේශීය රටවල රැකියාවන්හි නියුතුවන ර්‍ශි ලාංකිකයන් අතරත් ප්‍රචලිත කිරිමට මෙම සගරාවට හැකිවන බවට සහතිකයක් ලබා දිය හැක්කේ එල්ලේ ක්‍රීඩාවට ලැදි ඹබ වෙතින් මෙම සගරාවට ලැබෙන සහයෝගය හා ප්‍රතිචාරය මතය.
    සියළුම විමසීම්
    ප්‍රධාන සංස්කාරක,
    එල්ලය සගරාව ,  නො 56 බි , තිබ්බොටුගොඩ  , ගණේමුල්ල්
    දුරකථන : 0718669451. ,0332262409

    ඊ මේල්  iifo@srilankaelle.com , webmaste@srilankaelle.com 

    තවත්  විස්තර බලන්න>>......

    1 comment:

    1. Mata oyalage podi help ekak ganna puluwan da mata me elle kridawe lakunu satahan puwaruwak hoya ganna puluwan da. Mokada mehe thiyana aya gawa eka eka vidihe satahan puwaru thiyenne mata one meke niwaradi sata han puwaruwak mata eka lebunoth loku udau wak. Man net eke baluwata mata hambune naha passe thamai man me web site eka dekke dekala me comment eka danna hithune. Man inn3 Italy wala mehe sema thanama pahe den godak me cridawata aya yomu wela thiyanawa. Mata visathara thiyana eka pituwak thibba nam e hodatama aethi. Puluwan nam mage Facebook ekata keti panividayak magin danna mekai mage name eka Slr Fernando. Thank you.

      ReplyDelete