Monday, December 30, 2013

S Ranjith Silva එල්ලේ ක්‍රීඩාවෙන් ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියට


 එල්ලේ ක්‍රීඩාවෙන් ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියට ගිය එස් රංජිත් සිල්වා
    මොහු තිබ්බොටුගොඩ ගාමිණී විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරා අපොස(සා:පෙ)සමත් වී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ගම්/ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් පෙනී සිටින ලදී.මෙම කාලය වන විට බස්නාහිර පලාත ඇතුළු පලාත් කිහිපයක ජනප්‍රියව තිබූ හා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වශයෙන් එකල සැලකුම් ලැබු එල්ලේ ක්‍රීඩාව තෝරා ගත්තද පාසැල් පිටියේ දක්ෂ මලල ක්‍රීඩකයෙකු විය.
        ගණේමුල්ල හොරගොල්ල දිපශිකා එල්ලේ ක්‍රීඩා සමාජය 1979 වසරේ ආරම්භ කිරිමේ මුල්පෙලේ ආරම්භක සාමාජකයෙකු වශයෙන්ද කණ්ඩායමේ සංවිධායක වශයෙන්ද,සභාපති වශයෙන්ද කටයුතු කරමින්  එසේම ජාතික ශුරතාවය වරක් දිනාගත් හොරගොල්ල දීපශිකා ක්‍රීඩා සමාජයේ ප්‍රභල ක්‍රිඩකයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී.
    එසේම එල්ලේ ක්‍රිඩාවට ප්‍රභල ගණයේ ක්‍රීඩකයින් බිහිකිරිමට දායකත්වයක් ලබාදුන් එල්ලේ ක්‍රීඩාවට මහත් ඇල්මකින් යුක්තව කටයුතු කල අයෙකු වශයෙන්ද .එල්ලේ ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යා යුතුය යන මතයේ සහ තම පුද්ගලික වාසින් කිසිවකුත් පිලිබද නොසිතා යම් කැපවීම් කරනු ලැබු අයෙකු හැදින්වුවාට වරදක් නොමැත..
       එසේම 1983වසරේදී ශ්‍රීලංකා යුධ හමුදාවට බැදි ක්මාන්ඩෝ රෙජිමේන්තුවට ඇතුලත්ව රට හා ජාතිය කුරිරැවු ත්‍රස්ත්‍ර ග්‍රහණයෙන් මුදා ගැනීම සදහා දායකත්වය ලබා දෙන ලදී.
    පසුව ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් වරයෙකු වශයෙන් රාජකාරී කිරිමෙන් අනතුරැව ශ්‍රි ලංකන් එයාර් ලයින් ආයතනයට බැදී සේවය කරනු ලබන අතර තුර එම ආයතනයටද ක්‍රීඩා කරමින් දක්ෂතා දක්වන ලදි.තවද එම කණ්ඩායමේ සම්භන්ධීකරණ නිළධාරී වශයෙන් කටයුතු කරමින් එල්ලේ ක්‍රීඩාවට සේවයක් සලසන ලදී.
            ගමේ පාසැලින් මෙන්ම හොරගොල්ල දිපශිකා ක්‍රිඩා සමාජයේ එල්ලේ ක්‍රිඩාවෙන්ද ලබාගත් ආභාෂය මත ක්මාන්ඩෝ රෙජිමේන්තුවේ දක්ෂ සෙබලකු වශයෙන් තම රාජකාරින් ඉටුකරන ලද මොහු ප්‍රවිනයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් සියය,මිටර් දෙසිය යන තරගයන්හි ප්‍රථම ස්ථානයන් ලබා ගනිමින් ජාත්‍යන්තර තරගයනට සහභාගී විමට වරම් ලබාගන්නා ලදී.
   ප්‍රවිනයන්ගේ ජත්‍යන්තර තරගමාලා කිහිපයකට සහභාගි වු මොහු විදේශීය ප්‍රවිනයන් සමග තරග කොට ශ්‍රී ලංකාවට මලල ක්‍රිඩාවෙන් රන් රිදී සහ ලෝකඩ පදක්කම් කිහිපයක් ලබා දීමට දායකත්වය සපයා ඇත.

එස් රංජිත් සිල්වා
(ශ්‍රී ලංකන් එයාර් ලයින් ආතනයේ 2014 මාර්තු මස මොනරා සගරාවෙන් උපුටා ගන්නා ලදී.)

එස් රංජිත් සිල්වා යනු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනයේ සිටින දක්ෂ ක්‍රීඩකයෙකි.ඔහු ගුවන් සේවය වෙනුවෙන් ජාතික මට්ටමේ මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද බොහෝ ක්‍රිඩා ඉසව්වලින් ජයග්‍රහනය දිනා ඇත.මෙවර මොනරා විශේෂාංගය වර්ණවත් වන්නේ ඔහුගේ අපුර්ව දක්ෂතාවයන් සමගිනි. 
  • රංජිත් ඔබ ශ්‍රිලංකන්හි ඉතාමත් ප්‍රශිද්ධ ක්‍රීඩකයෙක් .ඔබගේ දක්ෂතාවයන් මුලින්ම හදුනාගත් ආකාරය අපට කියන්න පුළුවන්ද?
මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ තිබ්බොටුගොඩ ගණේමුල්ල ගාමිණි විද්‍යාලයෙන් සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන්.මගේ එල්ලේ සහ මලල ක්‍රීඩා දක්ෂතාවයන් මුලින්ම හදුනාගත්තේ එහිදී.ඒ විගේම මම 1979 දි හොරගොල්ල දීපශිකා ක්‍රීඩා සමාජය ආරම්භ කිරිමට මුල්වුන අයවලුන් ගෙන් එක් අයෙක්.එතැන් සිට අපි ග්‍රාමසේවා කොට්ටාශ ශුරතාවය,ගම්පහ ආසන එල්ලේ ශුරතාවය සහ ගම්පහ දිස්ත්‍රීක් ශුරතාවයදිනා/ැනීමට සමත් වුනා.අපි සමස්ත ලංකා එල්ලේ ශුරතාවය 25 වරක් ජයග්‍රහනය කලා.
  • ඔබ පාසැල් අධ්‍යාපනය හමාර කළ විගසම ශ්‍රී ලංකන් හා එක් වුනාද?
නැහැ.ඇත්තටම මම ප්‍රථමයෙන් එක්කහු උනේ ශ්‍රි ලංකා යුධ හමුදාවට.මම ශ්‍රී ලංකන්(එවකට එයාර් ලංකා) සමගින් එක් වුයේ 1996 දී.ආරක්ෂක සහයකයෙකු ලෙසයි.
  • යුද හමුදාවෙහි සේවය කරන අතරතුර ක්‍රීඩා ක්‍රියාකාරකම් කරගෙනයාම අපහසු කාර්යයක් උනේ නැතිද?
 මම එහිදී ජූඩෝ සහ මලල ක්‍රිඩා ඉසව් සදහා දායක උනා.නමුත් මගේ හමුදා ක්මාන්ඩෝ පුහුණුවෙන් අනතුරැව 1985 දී ක්මාන්ඩෝ වරයෙකු වශයෙන් පත්වීම් ලැබූ අතර යුද්ධයේදී පුර්ණභුමි පදක්කම,වඩමාරච්චි සහ රණශූර පදක්කම් ලබාගෙන තියෙනවා.
  • මම හිතනවා ක්‍රීඩකයෙක් වශයෙන් ඔබගේ දක්ෂතාවයන් එලිදක්වන්නට හොදම අවශ්ථාව පිරිනැමුවේ ගුවන් සේවය කියා.
 ඇත්තේන්ම මම ප්‍රථමයෙන් අන්තර් දෙපාර්තමේන්තු එල්ලේ තරගාවලියට ක්‍රිඩා කල අතර ඉන්පසු 1997 වසරේදී ගුවන් සේවයේ එල්ලේ කණ්ඩායමට තෝරා ගනු ලැබුවා.එම වසරේදීම ආරක්ෂක දෙපාර්තමේන්තු එල්ලේ කණ්ඩායමේ නායකයා ලෙසින්ද පත්විම් ලැබුවා.
 මාගේ මලල ක්‍රිඩා ජයග්‍රහනයන් කිහිපයක් මතක් කරනවානම් මීටර් 100,මීටර් 200 සහ මීටර් 400 සදහා 2004,2005,2008,2009,2010 2011 සහ 2012 වසරයන්හිදි වෙළදසේවා මලල ක්‍රිඩා ශුරතාවලියේදී ජයග්‍රහනයන් ලබා හිමිකර ගැනිමට හැකිවුනා. 
2003 වසරේ සිංගප්පූරැවේ පැවත් ප්‍රවීනයන්ගේ මලල ක්‍රිඩා ශුරතාවලියේදී මීටර් 200 ඉසව්ව සදහා ලෝකඩ පදක්කමක් දිනාගත් අතර 17 වන ආසියා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා ශුරතාවලි්ය්දී ලෝකඩ පදක්කමක් දිනාගත් 100 * 4 සහ 400 * 4 කණ්ඩායම් සදහා දායක වුනා.
ඒ වාගේම 2013 වෙළදසේවා මලල ක්‍රිඩා ශුරතාවලියේදී මීටර් 100,මීටර් 200,මීටර් 400 සහ 100*4,400*4 යන ඉසව් සදහා ගුවන් සේවය වෙනුවෙන් රන් පදක්කම් පහක් දිනා ගැනීමට හැකිවුනා.
  • ඔබගේ පවුල ගැන අපට යමක් පවසනවනම්?
මගේ බිරිද ධම්මිකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරනවා.මගේ වැඩිමල් පුතා ලක්මාල් දියතලාවේ ශිෂ්‍යභටයෙක් වශයෙන් පුහුණුව ලබන අතර පොඩිපුතා චන්දිම තවමත් පාසැල් අධ්‍යාපනය හදාරනවා.
  • අපගේ සංවාදය අවසන් කිරිමට පෙර පවසන්න යමක් තියෙනවද?
මම කැමතියි මගේ තිබ්බොටුගොඩ ,හොරගොල්ල මිතුරන්ටත් ක්මින්ඩෝ රෙජිමේන්තුවේ නිළධාරින් ඇතුළු සැමටත්,ශ්‍රි ලංකන්හි සියලුම නිළධාරිටත්,මාව පුහුණු කල එම් ශ්‍රීයානන්ද මහතාට , ගාමිණී වීරසිංහ මහතාට සහ ප්‍රසන්න මාවලගේ මහතාට ස්තුතිවන්ත විමට අනාගතයේදිත් ගුවන් සමාගම වෙත ජයග්‍රහනයන් ගෙන ඒමට මම මගේ උපරිමයෙන් කටයුතු කරනවා.
(ශ්‍රී ලංකන් එයාර් ලයින් ආතනයේ 2014 මාර්තු මස මොනරා සගරාවෙන් උපුටා ගන්නා ලදී.)

17th Asian Athletic Meet at Thailand







තවත් විස්තර බලන්න>>>...........                                                          මුල් පිටුවට>>Home>>





No comments:

Post a Comment