Monday, February 17, 2014

එල්ලෙ ක්‍රීඩාව.අන්තර්ජාලයට (Internet)






           ශ්‍රී ලංකා එල්ලෙ  ක්‍රීඩාව වෙනුවෙන්  එල්ලේ ක්‍රිඩා තොරතුරැ අන්තර්ජාලයට (Internet) පලමුව Facebook හරහා Sri Lanka Elle යනුවෙන්ද...ඉන් අනතුරැව එල්ලේ ක්‍රීඩා තොරතුරැ ඇතුලත් කොට ..Sinhala blogs & English blogs  එක්කල මා .ශ්‍රී ලංකා එල්ලෙ  ක්‍රීඩාව  අන්තර්ජාලයේ (Internet) wikipedia විකිපීඩියා නිදහස් විශ්ව කෝෂයට) එක් කරමින්ද....... එල්ලේ ක්‍රීඩාව   තව තවත් ලොවපුරා ජනප්‍රීය කරවීම සදහා මා  විසින් www,srilankaelle.com යන නමින් ප්‍රථම සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු  (First Sinhala & English web page ) වෙබ් පිටුවක් ආරම්භ කරමින් එල්ලේ ක්‍රීඩා තොරතුරැ විශාල වශයෙන් ඇතුලත් කිරිමට උත්සාහයන් ගන්නා ලදී......... ගල් මුල් සහ විවේචන සතුටින් භාරගනිමි .මෙම සෑම පිටුවක්ම සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි.....
---------------------------------------------------------------------------------------------------එල්ලෙ  ක්‍රීඩා  ඉතිහාසය    
        එල්ලේ කීඩාව කවදා කවුරැන් විසින් කොතැනකදි ආරම්භ කිරිමකට මුලපුරා ඇත්ද යන්න සදහන් කිරිමට හේතු සාධක නොමැති වුවද.... ඇත අතිතයේ අප මුතුන් මිත්තන්ගෙන් පැවත එන ක්‍රීඩාවක් බවට..............
                                                                       තවත්  විස්තර බලන්න>>
--------------------------------------------------------------------------------------------------
එල්ලේ ක්‍රිඩාවේ මුලික ගුනාංග සහ ක්‍රීඩා පිටිය සකස් කර ගන්නා ආකාරය
       එල්ලේ පන්දුවට පහරදෙන්නකු වේගවත් අයුරින් පහරවල් එල්ල කරනු ලබයි. එසේ හෙයින් යාර 150 ත් 200 ක් තරම් වු දුරකට පන්දුව යන බැවින් හා එක් පිලකට ක්‍රීඩකයින් 16 දෙනකු පන්දු රැකිමෙහි යෙදිමට සිදුවන නිසාත්,ක්‍රීඩා පිටිය තුල ලකුණක් ලබා ගැනිම සදහා ඇති වටය අඩි 220ක් පමණ වන නිසාත්,එල්ලේ ක්‍රීඩාව සදහා සෑහෙන විශාලත්වයෙන් යුක්තවූ විවෘත ක්‍රීඩා පීටියක් යොදා ගත යුතුයි.
                                                        .තවත්  විස්තර බලන්න>>......
--------------------------------------------------------------------------------------------------
 එල්ලේ සම්මේලනය විසින් නිකුත් කර ඇති එල්ලේ ක්‍රීඩා නීති සහ රීතින්
                                    එල්ලේ ක්‍රිඩාව දිනෙන් දින දියුණුවට රැගෙන යාම සදහා එල්ලේ සම්මේලනය පිහිටුවාගත් පැරණි ක්‍රිඩකයින් ඒ සදහා නව නිති හා රිතින් සකස් කරමින් 2002 ජකවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක කරවිමට කටයුතු යොදන ලදී.
 තවත්  විස්තර බලන්න>>>    ttp://ellesrilanka.blogspot.com  

EQUPMENT OF SRI LANKA ELLE එල්ලේ ක්‍රීඩා උපකරණ

       ඔනෑම ක්‍රිඩාවකට මෙන්ම එල්ලේ ක්‍රිඩාවටද පිලිගත් ක්‍රිඩා උපකරණයන් ඇති අතර මෙම එල්ලේ ක්‍රීඩා උපකරණයන් හුදෙක්ම මුතුන් මිත්තන්ගේ ආභාෂය මත ලබාගත් උපකරණ වශයෙන් වර්ථමානයේදී පවා භාවිතයට ගන්නා ආකාරයක් අප දැක ඇත.
       එහෙත් අනෙකුත් සෑම ක්‍රීඩාවකගේම එම ක්‍රීඩා උපකරණයන් ඈත අතීතයේදී මෙන් නොවන අතර වීශාල වශයෙන් වෙනස් කිරිම් වලට ගොදුරැව නවීකරණය වී ඇතත් එල්ලේ ක්‍රීඩාවේදී එය එසේ වී නොමැත.එසේ  නවීකරනය නොවිම තුල....                
                                                                     එල්ලේ ක්‍රීඩා උපකරණ>>
--------------------------------------------------------------------------------------------------
එල්ලේ ජාතික ශුරතාවය දිනාගන්නා ලද කණ්ඩායම් සහ ජාතික ශුරයා වශයෙන් සම්මාන ලබාගත් ක්‍රිඩකයින්


    එල්ලේ ක්‍රිඩාවේ රන් කුසලානය වශයෙන් එල්ලේ ක්‍රීඩකයින් මෙන්ම එල්ලේ ක්‍රිඩාවට ලැදි නරඹන්නන් ඇතුළු සැම අයෙකුම විසින් හදුන්වනු ලබන ජාතික ශූරතාවය සහ ජාතික ශුරයා වශයෙන් සම්මානයන් ලබාගන්නා ලද අයවළුන්ගේ විස්තර.                       තවත්  විස්තර බලන්න>>
--------------------------------------------------------------------------------------------------

එල්ලේ ක්‍රීඩාවේ 60 -70 දශකයේ දක්ෂයින්...... 
ඩී පර්සි සිල්වා - රාගම බැසිලිකා 
                   1960 1970 දශකයේ ලංකාවේ ජනප්‍රීයතම ක්‍රිඩාව වශයෙන් එල්ලේ ක්‍රිඩාව හදුන්වා දිමට කොතෙකුත් සාධකයන් අපහට තිබුනද වර්ථමානයේ එල්ලේ ක්‍රීඩා කරනු ලබන දක්ෂතම ක්‍රිඩකයින් මෙන්ම එයටත් සිය දහස් වාරයයන් දක්ෂ්කම් එල්ලේ ක්‍රීඩාංගනයන් තුල ප්‍රදර්ශණය කරමින් එල්ලේ ක්‍රිඩා ලෝලීන් මෙම ක්‍රිඩාව තුල .... .තවත්  විස්තර බලන්න>>......
-.------------------------------------------------------------------------------------------------
ක්ෂ ශී ලංකා  එල්ලේ ක්‍රීඩකයින්
 
      
 දක්ෂ ශී ලංකා  එල්ලෙ ක්‍රීඩකයින්
  1. රෙජී රොද්රිගෝ  = ක්‍රීඩා සමාජය රාගම
  2. කැමිලස් ඇන්තනි = ජයශී ක්‍රීඩා සමාජය රාගම
  3. එරික් නිවුටන්= ජයශී ක්‍රීඩා සමාජය රාගම
  4. නිවුටන් සිල්වා - සික්ස්ටීන් බ්‍රදර්ස් ක්‍රිඩා සමාජය ජා-ඇල                                                                    තවත්  විස්තර බලන්න>>
  5. ---------------------------------------------------------------------------------
  6. එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් 
වසර දහස් ගනනක ඈත අතිතයක් ඇති මෙම කීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් පමාණය ඉතාමත් සීමිතයි. ඒම සංඛයාව ඇගිලි සංඛයාවටත් ඉතා අඩු වීම ගැන අප සියලුම අයවලුන් කණගාටුවට පත්විය යුතයි. 
             ටෙටො  
                                                               තවත්  විස්තර බලන්න>>   
--------------------------------------------------------------------------------
එල්ලේ කණ්ඩායම්


විසිවන ශතවර්ෂය ආරමිභයේ එල්ලේ  ක්‍රීඩාව බස්නාහිර පලාතවයඹ පලාත මුහුදු බඩ සීමාවන් මුල් ස්ථානයන් කර ගනිමින් එක් එක් කණ්ඩායම් බිහිවිය.සිත්ගන්නා සුලු ආකාර‍යෙන් පැවති මෙම  තරගයන් සති‍යේ අග භාග‍යේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පැවති අතර එම දිනයන්හි ක්‍රීඩකයින් සහ උදවුකරැවන්.සහය දක්වන්න් විශාල වශ‍යෙන් කීඩාංගනයන් කරා එක්රොක්වනු එදා  මෙන්ම වර්ථමානයේදී දැකගත හැක....                                      තවත්  විස්තර බලන්න>>
----------------------------------------------------------------------------------------------------
 ලංකාවේ කාන්තා එල්ලේ කණ්ඩායම්
                                    ශ්‍රී ලංකාව තුල කාන්තා එල්ලේ කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආයතනයන් තුලද කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආරක්ෂක අංශයන් තුලද දක්ෂ කණ්ඩායම් කිහිපයක් දක්නට ඇත
 තවත්  විස්තර බලන්න>>>    ttp://ellesrilanka.blogspot.com           
----------------------------------------------------------------------------------------------------
ලංකාවේ පැවති එල්ලේ තරගමාලාවන් පිළිබද විස්තර
              ශ්‍රී ලංකාව තුල පවත්නා එල්ලේ තරගමාලාවන්,සහභාගි වු කණ්ඩායම් ජයග්‍රහණය ලබාගත් කණ්ඩායම් විස්තර සහ එම තරගමාලාව සංවිධානය කරන ලද අයවලුන්ගේ විස්තර මෙන්ම එම තරගාවලියේ සියලුම ඡායාරැපයන් සහ විඩියෝපට මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබට බලාගැනිමට හැක                                                                                                                          තවත්  විස්තර බලන්න>>......       
----------------------------------------------------------------------------------------------------
එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරිත්
    එල්ලේ ක්‍රිඩාව ශ්‍රී ලංකාව පුරා පමණක් නොව ජත්‍යනතර ක්‍රිඩාංගනයන් කරා රැගෙන යාමට තරම් ඉතාඋද්වේගකර තරග රටාවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩාවක් බවට අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නොවන අතර එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහත් වූ මෙහෙයන් කර ඇති අයවලුන් බොහෝය.ඒ අතරට.........                                                                                                           තවත්  විස්තර බලන්න>>
----------------------------------------------------------------------------------------------------
 එල්ලේ තරග විනිශ්චය කරැවන්ගේ සංගමය....... 
-.-----------------------------------------------------------------------------------------------------
     .......... ඉතාලියේ  එල්ලේ ක්‍රීඩාව.......
ශ්‍රි ලංකාවේ සිට ඉතාලි රජයේ රැකියාවන් සොයා ගොස් ඇති අයවලුන් අතරින් වැඩිම කොටසක් අයත් වන්නේ වයඹ පලාතට අයත් දිස්ත්‍රික්කයන් වලිනි.එසේම මුහුදු  ආසන්න ගම්මානයන් ඒ අතරින් ප්‍රධාන ස්ථනය ගනු ලබන බවද පෙන්වා දිය හැක.
  .                                                                .තවත්  විස්තර බලන්න>>......     







----------------------------------------------------------------------------------------------------

ඉතාලියේ එල්ලේ කණ්ඩායම්
වයබ පලාත,බස්නාහිර පලාත යන පලාත් වලින් ඉතාලියේ රාජකාරීන් සදහා ගොස් සිටින ශී ලංකාවසී ජනතාවගෙන් වැඩි පිරිසක් අයත් වන්නේ වයබ පලාතට අයත්  වෙන්නප්පුව ,මාරවිල මුදුකටුව මීගමුව සහ කටුනේරිය ඇතුලු මුහුදු සීමාවට අයත් පදේශ වලින් හා බස්නාහිර පලාතට අයත් කොළඹ ගම්පහ සහ හැදල වන අතර ඔහුන් ඉතාලි‍යේදී පවා එල්ලේ ක්‍රීඩාව අමතක නොකර එල්ලේ  ක්‍රීඩා තරග පවත්වන අතර එම තරගයන්හි විස්තර හා ඡායාරැපයන් මෙහි පළකිරිමට කටයුතු සලසා ඇත.
                                                                  තවත්  විස්තර බලන්න>>
------------------------------------------------------------------------------------------------------
      ඉතාලියේ පැවති එල්ලේ තරග විශේෂ අවශ්ථා........
ශ්‍රි ලංකාවේ සිට ඉතාලි රජයේ රැකියාවන් සොයා ගොස් ඇති අයවලුන් අතරින් වැඩිම කොටසක් අයත් වන්නේ වයඹ පලාතට අයත් දිස්ත්‍රික්කයන් වලිනි.එසේම මුහුදු  ආසන්න ගම්මානයන් ඒ අතරින් ප්‍රධාන ස්ථනය ගනු ලබන බවද පෙන්වා දිය හැක.
  .                                                                .තවත්  විස්තර බලන්න>>......     





----------------------------------------------------------------------------------------------------
එල්ලේ ක්‍රීඩාවෙන් ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියට ගිය එස් රංජිත් සිල්වා
    මොහු තිබ්බොටුගොඩ ගාමිණී විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරා අපොස(සා:පෙ)සමත් වී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ගම්/ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් පෙනී සිටින ලදී.මෙම කාලය වන විට බස්නාහිර පලාත ඇතුළු පලාත් කිහිපයක ජනප්‍රියව තිබූ හා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වශයෙන් එකල සැලකුම් ලැබු එල්ලේ ක්‍රීඩාව  තෝරා ගත්තද පාසැල් පිටියේ දක්ෂ මලල ක්‍රීඩකයෙකු විය.
                                   තවත් විස්තර බලන්න>>>...  
----------------------------------------------------------------------------------------------------
එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව සදහා අදහස් හා යෝජනා


    එල්ලේ ක්‍රිඩාවේ ඉදිරි දියුණුව අපේක්ෂා කරනු ලබන ක්‍රීඩකයින්,නරඹන්නන් මෙන්ම සහයෝගය දක්වන්නන් විශාල පිරිසක් සිටින බව අප දනිමු. එසේ හෙයින් එල්ලේ ක්‍රිඩාවේ ඉදිරි දියුණුව සදහා අදහස් හා යොජනාවන් ඉදිරිපත් කිරිමට බලා සිටින්නාවූ දහසක් දෙනාගේ අදහස් හා යෝජනාවන්  මෙමගින් ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බැවින් ඔබගේ අදහස් හා යෝජනාවන් යොමු කරන්න.එය හුදෙක්ම ඔබගේ එම අදහස් හා යෝජනාවන් මතු දිනෙක එල්ලේ ක්‍රීඩාවේ අනාගත අභිවෘර්ධියට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.                       තවත්  විස්තර බලන්න>>
--------------------------------------------------------------------------------------------------

 එල්ලේ ක්‍රීඩාව කුඩා අවදියේදි මා  ඉතාමත් ප්‍රිය කල ක්‍රිඩාව වුවද ම්තුරන් සමග සතුටු සිතින් ක්‍රීඩා කලද එදිනට වඩා අතිත කාලය මදක් ඉදිරියට  ගොස් ඇතත් ඒ පිළිබදව සෑහීමකට පත්වීමට නොහැකිව ඇත්තේ එම ඉදිරියට ගිය ප්‍රමාණය ප්‍රමානවත් නොවන බැවිනි.
    එය එසේ සදහන් කළ හැක්කේ මෙම ක්‍රිඩාවට පසු කාලයන්හිදී ලොව බිහිවු ක්‍රිඩාවන් වර්ථමානයේදි ජාත්‍යන්තර තලය දක්වා ගොස් ඇති  බැවිනි.එම  ක්‍රිඩකයින් හටද ඉතා යහපත් කලදවසක් ගොස් ඇතත් එල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම එල්ලේ ක්‍රිඩාවට ඒ හා සමානව කුමක් සිදුවිද යන්න මදකට කල්පනා කල යුතුය.
       .මෙම ක්‍රීඩාවට ඇලුම් කරනා ඒ පිළිබද වැඩි  උනන්දුවක් දක්වනු ලබන සෑම අයෙකුගේම දැනගැනීම සදහා සහ එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව පිළිබදව අවංකවම කැපවෙන ..හා .ඒ පිලිබදව සිතා කටයුතු කරනා සෑම අයෙකු වෙනුවෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ පිළිබදව මෙවන් සටහනක් තැබිමට මා හට හැකිවිම පිළිබදව මම පුද්ගලිකවම සතුටට පත්වෙමි...................................

. මගේ ප්‍රතිපත්තිය විස්තර බලන්න>>......
--------------------------------------------------------------------------------------------------
 ප්‍රථම එල්ලේ පුවත් පත
             එල්ලේ ක්‍රීඩාව  ප්‍රථමයෙන් අන්තර්ජාලයට යොමුකල මාගේ මීලග උත්සාහය එල්ලේ ක්‍රීඩා තොරතුරැ සහිත පුවත් පත එලිදැක්විමයි.එම පුවත් සගරාව එල්ලය නමින් කම්කර එහි සියළු විස්තර මෙහි ඇතුලත් කිරිමට කටයුතු කර ඇත.එසේ එල්ලේ ක්‍රීඩාව සදහා පුවත් පතක් කිර්මානය කිරිමට අදහස් කරන ලද්දේ එල්ලේ ක්‍රීඩා තොරතුරැ දිවයින තුල සිටින සෑම අයෙකුගේම දැන ගැනීමට ලක්කිරිම පිනිසයි.මෙම එල්ලේ සගරාව එල්ලේ ක්‍රීඩාවට ලැදි අයවළුන් ගේ අදහස් යෝජනා හා විවේචනයන් ඉති සතුටින් ශාර ගනිමි                                                                                                           
              තවත්  විස්තර බලන්න>>......       
--------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------
 Poor Men’s Game,,,(දුප්පත් අපට හිමි ක්‍රීඩාව , )    
        වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ ක්‍රිඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය.   
                                                            තවත්  විස්තර බලන්න>> 
  


------------------------------------------------------------------------------------------------------
.තවත්  විස්තර බලන්න>>...... .http://ellesrilanka.blogspot.com   


--------------------------------------------------------------------------------------------------

එල්ලේ ජයගන්න නම්

--------------------------------------------------------------------------------------------------
              
----------------------------------------------------------------------------------------------------
    එල්ලේ ක්‍රීඩාව මෙතෙක්  කලක් රැකගැනීම සදහා පැරණි සහ වර්ථමාන එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරින්  ක්‍රීඩකමහතුන්  මෙන්ම තරග නරඔන්නන්  තරග සංවිධායකයින් ඉටුකර ඇති මෙහෙය නොවන්නට  එල්ලේ ක්‍රීඩාවද සිංහල ජාතියට ආවේණික වු අනෙකුත් ක්‍රීඩාවන්  මෙන්  වර්ථමාන අතිත  පරම්පරාවන්ට දැකගැනීමට නොහැකිවනු ඇත.
    ජනමාධයයන් වෙතින් ඹ්නැම දෙයක් ඉතා වේගයෙන් මහජනතාව අතරට රැගෙන ගොස් ජනප්‍රය කරවිම ඉතා ලෙහෙසි පහසු කටයුත්තක් වුවද  ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයන් කිහිපයක් හැරෙන්නට එල්ලේ ක්‍රීඩාව මහජනතාව අතරට රැගෙනයාමට උත්සුක වන ජනමාධ්‍යෙව්දීන්  ඇත්තේද අතලොස්සක් වන සුළු පිරිසක් බැවින් එල්ලය ක්‍රීඩා සගරාවක් වශයෙන් ඉදිරියට රැගෙන යාමට අදහස්කර ඇත්තේ ක්‍රිඩා සමාජයන්.ක්‍රීඩා ලෝලින් ඇතුළු එල්ලේ ක්‍රීඩාවට ලැදි  සියළු ලාංකීකයින් දැනුවත් කරමින් දායකත්වය ලබාගැනිම සදහායි.
    එල්ලය සගරාව එල්ලේ ක්‍රීඩාවට හිතැති ඔබලේම ක්‍රීඩා සගරාවයි.ඒ සදහා එල්ලේ ක්‍රීඩා තොරතුරැ ඉදිරිපත්කොට නොකඩවා ඉදිරියට රැගෙනයාම එල්ලේ ක්‍රීඩාවට ලැදි සැමගේ අදහස් හා යෝජනාවන් අනුව වර්නවත් කිරිමද  ඒ තුලින් ලංකාවේ අනෙකුත් පලාත්හි සිටින අයවළුන් දැනුවත් කිරිම අපගේ අදහසයි.
    ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ළුලිදක්වනු ලබන ප්‍රථම එල්ලේ ක්‍රීඩා සගරාව වන මෙම එල්ලය සගරාව වසරකට කලාප තුනකින් එල්ලේ ක්‍රීඩා තොරතුරැ පමණක් ඇතුලත් කොට  එල්ලේ ලෝලීන් අතරට රැගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.
    මෙම සගරාව සදහා එල්ලේ තරග විස්තර.එල්ලේ පැරණි ක්‍රීඩක තොරතුරැ තරගමාලාවන්හි විස්තර සහ පැරණි එල්ලේ ක්‍රීඩා විස්තර මෙන්ම එල්ලේ ක්‍රීඩාවට යෝග්‍යවන ඕනෑම කරැණක්  ඇතුලත් කිරිමට බලාපොරොත්තු වන බැවින් එම විස්තර  ලබාගැනිමටද අදහස් කර ඇති බැවින් ඹබගේ සහයද අපේක්ෂා කරමු.
    මෙම සගරාව තුලින් එල්ලේ ක්‍රීඩාව තව තවත්  ජනප්‍රීය කරවිමට හැකියාවක් ලැබෙන අතර දක්ෂතා දක්වනු ලැබු එල්ලේ ක්‍රිඩකයින් පිළිබද මෙන්ම වර්ථමාන දක්ෂ එල්ලේ ක්‍රිඩකයින්ගේ  සියළු තොරතුරැද  ඇතුලත් කිරිම තුලින් එල්ලේ ක්‍රිඩාව වර්ථමාන තරැණ පරපුර වෙත මෙන්ම අනාගත පරම්පරාව වෙත වැඩි වටිනාකමකින් යුක්තව දායාද කරන්නට හැකියාවක්  ලැබෙන බවද සදහන් කල හැක.
     තවද එල්ලේ  සගරාව එල්ලේ ක්‍රීඩා ලෝලීන් අතරට රැගෙන යාම සදහා එල්ලය සගරාවේ සාමාජිකත්වය ලබා දීමටද අදහස් කර ඇති බැවින් එල්ලේ ක්‍රිඩාවට ලැදි සෑම අයෙකුටම ඒ සදහා එල්ලය සගරාව  ආරාධනා කර සිටින අතර මෙය නොකඩවා රැගෙන යාමට ඹබ සැමගෙි වටිනා අදහස් හා යෝජනාද අප ධ්‍යෛයමත් කිරිමට ඉමහත් පිටුවහලක්  වන බවද සදහන් කරමු.
    ඹබ කල යුත්තේ නම ලිපිනය දුකථන අංකය  පලාග දිස්ත්‍රීක්කය එල්ලේ කණ්ඩායමකට ක්‍රීඩා කරන්නේ නම් ඒ බැව් හෝ එල්ලේ කණ්ඩායමකට සහයෝගය දක්වන්නේ නම් ඒ බවද  සදහන් කොට  මෙහි සදහන් කරඇති  ලිපිනයට හෝ  ඊ මේල් ලිපිනයට  විස්තර එවීමයි.
    මෙම එල්ලය සගරාව නොකඩවා පවත්වාගෙන යා යුත්තේ අතිත මුතුන් මිත්තන්ගෙන් එල්ලේ  ක්‍රීඩාව පැවතගෙන ආවද මෙතෙක් ජාත්‍යන්තර තලයට නොගිය එක් ක්‍රීඩාවක් වශයෙන් සදහන්  වෙන බැවින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යෙව්දින් විසින් ඉටුනොකරනා එම මෙහෙය අප විසින් හෝ ඉටුකල යුතු වැවිනි.ඒ සදහා ඹබ සැමගේ සහය ඉතා අවශ්‍යබැව් නැතත් සදහන් කරන්නේ එල්ලේ ක්‍රීඩාව අනෙකුත් ප්‍රෙද්ශයන්හි මෙන්ම විදේශීය රටවල රැකියාවන්හි නියුතුවන ර්‍ශි ලාංකිකයන් අතරත් ප්‍රචලිත කිරිමට මෙම සගරාවට හැකිවන බවට සහතිකයක් ලබා දිය හැක්කේ එල්ලේ ක්‍රීඩාවට ලැදි ඹබ වෙතින් මෙම සගරාවට ලැබෙන සහයෝගය හා ප්‍රතිචාරය මතය.
    සියළුම විමසීම්
    ප්‍රධාන සංස්කාරක,
    එල්ලය සගරාව ,  නො 56 බි , තිබ්බොටුගොඩ  , ගණේමුල්ල්
    දුරකථන : 0718669451. ,0332262409

    ඊ මේල්  iifo@srilankaelle.com , webmaste@srilankaelle.com 

    තවත්  විස්තර බලන්න>>......

    එල්ලේ ක්‍රීඩාවේ 60 -70 දශකයේ දක්ෂයින්......


                       1960 1970 දශකයේ ලංකාවේ ජනප්‍රීයතම ක්‍රිඩාව වශයෙන් එල්ලේ ක්‍රිඩාව හදුන්වා දිමට කොතෙකුත් සාධකයන් අපහට තිබුනද වර්ථමානයේ එල්ලේ ක්‍රීඩා කරනු ලබන දක්ෂතම ක්‍රිඩකයින් මෙන්ම එයටත් සිය දහස් වාරයයන් දක්ෂ්කම් එල්ලේ ක්‍රීඩාංගනයන් තුල ප්‍රදර්ශණය කරමින් එල්ලේ ක්‍රිඩා ලෝලීන් මෙම ක්‍රිඩාව තුල ඇද බැද තබා මෙම ක්‍රීඩාව රැක ගැනිම සදහා ඉමහත් කැපකිරිම් කරනු ලැබු පැරණි දක්ෂ ක්‍රිඩකයින් වර්ථමානයේ තම දරැ මුනුබුරන්ගේ සුරතල් බලමින් කල්ගත කරනු ලබන අතර තවත් අයවලුන් මතකයන් පමණක් ඉතා කෙටි කාලයකට තබමින් තම ජීවිතයෙන්ද සමුගෙන ගොස් අවසන්ය.
    රාගම හාලික්වින්ස් 1960
            ඔවුන විසින් එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන් ඉටුකල මෙහෙයට කෙලෙසක කෘතගුණයක් දැක්කුවේද යන්න මදකට කල්පනා කරන්නේ නම් එය ඉතාමත් අඩු ප්‍රමානයක් වන බැව් හුදෙක්ම අපහට පැහැදිලි කරැණකි.
    ...................අතිතය අමතක කරනා කවර පුද්ගලයෙකුට ....අනාගතයක්ද නැතැයි යන්න සනාථ කරමින් වර්ථමානයේදී පවා එල්ලේ ක්‍රීඩාව ගමන් කරනු ලබන්නේ ඉතාමත් මන්දගාමි ස්වරැපයකිනි.ඒ පිළිබද කවරැන් හට දොස් පැවරීය නොහැකි අතර එය දිනෙන් දින වර්ධනය වුයේ නම් වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති එල්ලේ ක්‍රීඩාව දිස්ත්‍රික්ක කිහිපයක පමනක් එකතැන දුවන්නේ නැත.
                 කෙසේ වෙතත් පැරණි ක්‍රිඩකයින්ගේ විස්තර අන්තර්ජාලය හරහා යොමු කිරිම මාගේ මුලික අරමුණු වලින් එකක් වන අතර එය ජාතික යුතුකමක් සේ මා සලකමි.

    ඩී පර්සි සිල්වා  -  රාගම හාලික්වින්ස් 1960
                            - රාගම බැසිලිකා     1960 - 1980
                              

                               .තවත්  විස්තර බලන්න>>......
        

    Send all your Elle Details and also your comment:(එවන්න ඔබගේ අදහස් හා යෝජනාවන් මෙහි පහත සදහන් පරිදි විස්තර සමග එය එල්ලේ ක්‍රිඩාවෙි අනාගත දියුණුව සදහා ඹබ විසින් ගන්නා ලද එක් වටිනා පියවරක් වනු නොඅනුමානය

    ඔබ විසින් එවනු ලබන විස්තර නිසි අයුරින් පලකරනු ලබන අතර එහි සම්පූර්ණ වගකීම ඔබ සතුය.
    Name:

    E-mail:

    Comment:


    ඔබගේ අදහස් හා යෝජනාවන් ඉදිරිපත් කිරිමේදී මෙහි පහත සදහන් පරිදි ඔබගේ විස්තරයන්ද එවීමට අමතක නොකරන්න.

    අවශ්‍ය තොරතුරැ:

    • සම්පූර්ණ නම
    • ලිපිනය
    • දුරකථන අංකය
    • අදහස් හා යොජනා
    • මෑතකදී ලබාගත් ඡායාරැපයක්

    එල්ලේ ක්‍රිඩාවේ අනාගත දියුණුව සදහා අදහස් හා යෝජනා

            එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව සදහා අදහස් හා යෝජනා
             එල්ලේ ක්‍රිඩාවේ ඉදිරි දියුණුව අපේක්ෂා කරනු ලබන ක්‍රීඩකයින්,නරඹන්නන් මෙන්ම සහයෝගය දක්වන්නන් විශාලපිරිසක් සිටින බව අප දනිමු. එසේ හෙයින් එල්ලේ ක්‍රිඩාවේ ඉදිරි දියුණුව සදහා අදහස් හා යොජනාවන් ඉදිරිපත් කිරිමට බලා සිටින්නාවූ දහසක් දෙනාගේ අදහස් හා යෝජනාවන්  මෙමගින් ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බැවින් ඔබගේ අදහස් හා යෝජනාවන් යොමු කරන්න.එය හුදෙක්ම ඔබගේ එම අදහස් හා යෝජනාවන් මතු දිනෙක එල්ලේ ක්‍රීඩාවේ අනාගත අභිවෘර්ධියට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.

    Send all your Elle Details and also your comment:(එවන්න ඔබගේ අදහස් හා යෝජනාවන් මෙහි පහත සදහන් පරිදි විස්තර සමග එය එල්ලේ ක්‍රිඩාවෙි අනාගත දියුණුව සදහා ඹබ විසින් ගන්නා ලද එක් වටිනා පියවරක් වනු නොඅනුමානය

    ඔබ විසින් එවනු ලබන විස්තර නිසි අයුරින් පලකරනු ලබන අතර එහි සම්පූර්ණ වගකීම ඔබ සතුය.
    Name:

    E-mail:

    Comment:


    ඔබගේ අදහස් හා යෝජනාවන් ඉදිරිපත් කිරිමේදී මෙහි පහත සදහන් පරිදි ඔබගේ විස්තරයන්ද එවීමට අමතක නොකරන්න.

    අවශ්‍ය තොරතුරැ:

    එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව සදහා අදහස් හා යෝජනා


        එල්ලේ ක්‍රිඩාවේ ඉදිරි දියුණුව අපේක්ෂා කරනු ලබන ක්‍රීඩකයින්,නරඹන්නන් මෙන්ම සහයෝගය දක්වන්නන් විශාල පිරිසක් සිටින බව අප දනිමු. එසේ හෙයින් එල්ලේ ක්‍රිඩාවේ ඉදිරි දියුණුව සදහා අදහස් හා යොජනාවන් ඉදිරිපත් කිරිමට බලා සිටින්නාවූ දහසක් දෙනාගේ අදහස් හා යෝජනාවන්  මෙමගින් ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බැවින් ඔබගේ අදහස් හා යෝජනාවන් යොමු කරන්න.එය හුදෙක්ම ඔබගේ එම අදහස් හා යෝජනාවන් මතු දිනෙක එල්ලේ ක්‍රීඩාවේ අනාගත අභිවෘර්ධියට මහත් පිටුවහලක් වනු නොඅනුමානය.             

    එල්ලේ ක්‍රීඩාවේ ආරම්භය සහ අනාගතය

    ----------------------------------------------------------------------------------------------------
    1. එල්ලේ ක්‍රීඩාවේ ආරම්භය සහ අනාගතය
               ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩාවන් අතුරින් ගැමි ජනතාවගේ ක්‍රීඩාව මෙන්ම ජාතික ක්‍රිඩාව වශයෙන්  සැලකුම් ලැබිය හැකි ක්‍රීඩාව වශයෙන්  හැදින්විය හැකි එල්ලේ ක්‍රීඩාව වර්ථමානයේ ප්‍රධාන වශයෙන් බස්නාහිර සහ වයඔ පලාත් මුල්කර ගනිමින්  පවතින බව සදහන් කලහැක.
    එම ක්‍රීඩාව අනෙකුත් පලාත්වලින්  සෑහෙන පමන දුරකට ඉවතට  ගොස් ඇති බව සදහන් කලද එහි වරදක් නොමැත්තේ බස්නාහිර මෙන්ම වයඔ පලාත් මෙන්  කැපවීමෙන් ක්‍රීයාකරන  කරනු ලබන  ක්‍රීඩකයින්  සහ නරඔන්නන්  නොමැති විම නිසා යැයි සදහන් කලද එහි කිසිදු වරදක් නැත.
                අතීතයේ කෘෂීකර්මාන්තයෙන් තම දිවි පෙවත එලිපෙහෙලි කරගත්  ගැමි ජනතාව  වෙල්යායෙන් අස්වැන්න නෙලාගත්  පසු එම  වෙල්යාය තම ක්‍රිඩා පිටිය මෙන් යොදාගත් අතර නගරබද සාමාන්‍ය ජනතාවද. එල්ලේ ක්‍රිඩාව සදහා  සුදුසු ස්ථානයන් මෙන්ම මුහුදුබඩ ආසන්නව ජිවත්වු ධිවර ජනතාවද ක්‍රීඩා කලහැකි ස්ථානයන් සොයා ගනිමින් මෙම ක්‍රීඩාවේ යෙදී ඇතිබව අප හොදාකාරවම දනිමු.
               මෙසේ  එල්ලේ ක්‍රීඩාවේ යෙදුන එම කාලසිමාවන් තුලදී වෙල්යාය පුරා තරග නරඔන්නන් මෙන්ම තම තමන්ගේ බිරින්දෑවරැන් දරැදැරියන්  දෙමව්පියන්ද නෑදෑ හිතමිතුරන්ද පැමිණ ඉතතා උද්යොගයෙන් යුක්තව තරග නැරඔන ලද ආකාරය පිළිබද අතිත කථාවන් කොතෙකුත් අසා ඇත්තෙමු.එසේම තරගකරැවන් දිරිමත් කරන ආකාරයද 1970 – 1980 දශකයේදී පවා අප දැක ඇත්තෙමු.නගරබද සාමාන්‍ය පන්තියේ ජනතාව මෙන්ම මුහුදු බඩ ධිවර ජනතාවද එය එසේම කර ඇතුවාට සැක නැත.
            ගමේ වෙල් ඉපනැල්ලේ ක්‍රීඩා කරනු ලබන අයවළුන් අතරින් දක්ෂ්කම් දක්වන අයවළුන් තෝරා එම ගම්මානයට කණ්ඩායමක් සාදාගන්නා අතර  එම කණ්ඩායම අනෙකුත් ගම්මානයන් සමග තරගයන් පැවත්වන ලබන අතර එම තරගයන්හිදී ගම් මට්ටම්න් සුහදතාවය වර්ධනය කර ගැනීම ප්‍රධානම කාර්යය ලෙස සලකනු ලැබ ඇති අතර  එම එල්ලේ තරග නැරඹීම සදහා එම ගම් පලාත් වලින් විශාල වශයෙන්  ජනතාව එක්රොක් වන බැවින් හා සුහදතාවය  වර්ධනයකර ගැනීම පිණිස පවත්වන ලද බැවින්ද ඒවා සුහද තරග ගෙස නම් කර ඇත.වර්ථමානයේ එල්ලේ කණ්ඩායම් සකස් වෙන්නේද පැරණී ක්‍රමයට මෙන්ම පවත්වන තරගද සුහද තරග වශයෙන්  නම් කිරිමද අතීත එග්ගේ ක්‍රීඩාව හදුනා ගැනීමට හොදම උදාහරණයි.
             ඒ ආකාරයෙන් අ.ි. කාලයේදී සුහදතාවය වර්ධනය කරගෙන ඇති බව එල්ලේ ක්‍රීඩාවෙන් උගත හැකි වැද/ත්ම පාඩමකි.නිති රිතින් ඇති වෙමින්  ක්‍රම ක්‍රමයෙන් සංශෝධනයන්ට එම නිතින් යටත් වෙමින් එල්ලේ ක්‍රීඩාවට  ආවේනික තරග රටාවක් නිර්මාණය වු බැවින්  වේගවත් දියුනුවක් 1970 – 1980 දශකයෙත් ඉන්පසු දශකයේත්  ඇති වුවාට සැකයක් නොමැත.එල්ලේ ක්‍රීඩාවට ආදරය කල  දක්ෂ ක්‍රීඩකයින් මෙන්ම තරග නරඹන්නන් විශාල පිරිසක්  ඉතා ආදරයෙන් වැලද ගත්තද ඒ හා සමාන පිරිසක්  එල්ලේ ක්‍රිඩාව විනාශය කරා රැගෙන  යාමට දැනුවත්ව හෝ නොදැනුවත්ව තම දායකත්වය සපයා ඇත.
             කෙසේ නමුත් අප වෙසෙන ලෝකය තුල ඉපැරණි ක්‍රීඩාවන් ගෙන් එකක් වන එල්ලේ ක්‍රීඩාව සදහා යොමු වු දක්ෂ ක්‍රීඩකයින්  අතරින් ඉතා උසස් දක්ෂ්කම් පෙන්වා එල්ලේ ක්‍රීඩාවෙන් මෙන්ම අපගේ ලෝකයද හැරගොස් ඇතත්  ඔවුන් පිළීබද කෙටි සටහනක් පවා සදහන් නොවිම  කණගාටුවට කරැනක් නොවන්නා සේම වර්ථමාන දක්ෂ ක්‍රීඩකයිනටද එසේ නොවන්නේ යැයි සහතිකයක් දිය හැක්කේ කවුරැන් හටද යන්න ප්‍රශ්ණයකි.
              එල්ලේ ක්‍රීඩාව අප ආසන්නම රට වන ඉංදියාව මෙන්ම සිංගප්පූරැවේද ප්‍රචලිත කරලීමට එවකට පාලනයේ සිටි  එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරින් විසින් උත්සාහයන් ගන්නා ලද අතර එම උත්සාහයන්  උද්ගතවු යම් යම් ප්‍රශ්නයන් නිසා අතරමග නතර වුවද එම උත්සාහයන් මල්පල ගැන්විමට කිසිවකුත් උත්සුක නොවිම කණගාටුවට කරැණක් නොවන්නේද?
             වෙනත් රටක  කෙසේ වෙතත් බස්නාහිර පලාත සහ වයඹ පලාත හැරැණ කොඩ අනෙකුත් පලාත්හි එල්ලේ ක්‍රීඩාව ප්‍රචලිත කිරිමට තරම් උනන්දුවක් හෝ උද්යෝගයක්  නොමැති බව අප අවිවාදයෙන් යුක්තව  පිලිගත යුතුයි.එල්ලේ ක්‍රිඩාව ඉතාමත් දියුණුවට පක්ව තිබූ කාලසීමාවේදී රාජ්‍ය ආයතන එල්ලේ තරග මාලාව සදහා විශාල වශයෙන් කණ්ඩායම් ඉදිරිපක් වු අතර  ජයග්‍රහනය ලබා ගැනිම පිනිස ඉතා හොදින් තරග කල යුතුව තිබුනි.එම ආයතනයන් තුල උසස් නිළධාරින්ගේ  උදව් උපකාරයන්ද එල්ලේ ක්‍රීඩකයින් හට ලැබුන අතර දක්ෂ ක්‍රිඩකයින් සදහා රාජ්‍ය ආයතනයන් තුල රැකියාවන් පවා ලබා දෙමින් තම ආයතන කණ්ඩායම ජයග්‍රහනය ලබා රාජ්‍ය ආයතනයන් අතර ඉදිරියෙන් සිටිමට  කටයුතු කරන ලදී.
            එල්ලේ ක්‍රීඩාව ජනප්‍රීය කරවීම සදහා පෙරමුන ගත් රාජ්‍ය ආයතන  සංස්ථා දෙපාර්තමේන්තු අතරින් වර්ථමානයේදී පවා එල්ලේ ක්‍රිඩාවට  සහය ලබාදෙන රාජ්‍ය ආයතන දෙපාර්ථමේන්තු හා සංස්ථා  කිහිපයක් නැත්තේද නොවේ .එහෙත් ඒවාද මන්දගාමී ස්වරැපයක් ගෙන ඇති බව නොරහසකි.
           
    ලෝකයේ ඕනෑම රටක ක්‍රීඩාවන් සදහා පාලක මණ්ඩලයක් ඇති අතර එම පාලක මණ්ඩලය විසින් තමන්ට අයත් එම ක්‍රීඩාව දියුනුවේ හිනි පෙත්තට ගෙනයාම  මෙන්ම පහත් තලයකට ගෙනයාමට හැකියාවක් ඇති බව අප දනිමු..එහෙත් එල්ලේ ක්‍රීඩාව මෙන් ජත්‍යන්තර තලයකට ගොස් හොමැති ක්‍රීඩාවක් නම් එය ජාත්‍යන්තර තලය දක්වා රැගෙන යාම පාලක මණෟඩලයට පමනක් තනිවම කල නොහැකි කටයුත්තකි.ඒ සදහා එල්ලේ ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩකයින් තරග නරඹන්නන් මෙන්ම ජනමාධ්‍ය වේදීන් ඇතුළු සෑම ශ්‍රී ලාංකීයෙකුගේම යුතුකම බැව් අවසන් වශයෙන් සදහන් කරමි.
    මීලග  කලාපයෙන්

    එල්ලේ ක්‍රීඩාවට පසු නිර්මානය වූ බෝල් ක්‍රීඩාව ජත්‍යන්තරය ජයගත් ආකාරය  

    තවත්  විස්තර බලන්න>>
    තවත්  විස්තර බලන්න>>......  
    --------------------------------------------------------------------------------------------------

     ප්‍රථම එල්ලේ පුවත් පත
                 එල්ලේ ක්‍රීඩාව  ප්‍රථමයෙන් අන්තර්ජාලයට යොමුකල මාගේ මීලග උත්සාහය එල්ලේ ක්‍රීඩා තොරතුරැ සහිත පුවත් පත එලිදැක්විමයි.එම පුවත් සගරාව එල්ලය නමින් කම්කර එහි සියළු විස්තර මෙහි ඇතුලත් කිරිමට කටයුතු කර ඇත.එසේ එල්ලේ ක්‍රීඩාව සදහා පුවත් පතක් කිර්මානය කිරිමට අදහස් කරන ලද්දේ එල්ලේ ක්‍රීඩා තොරතුරැ දිවයින තුල සිටින සෑම අයෙකුගේම දැන ගැනීමට ලක්කිරිම පිනිසයි.මෙම එල්ලේ සගරාව එල්ලේ ක්‍රීඩාවට ලැදි අයවළුන් ගේ අදහස් යෝජනා හා විවේචනයන් ඉති සතුටින් ශාර ගනිමි