----------------------------------------------------------------------------------------------------
- එල්ලේ ක්‍රීඩාවේ ආරම්භය සහ අනාගතය
ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩාවන් අතුරින්
ගැමි ජනතාවගේ ක්‍රීඩාව මෙන්ම ජාතික ක්‍රිඩාව වශයෙන් සැලකුම් ලැබිය හැකි ක්‍රීඩාව වශයෙන් හැදින්විය හැකි එල්ලේ ක්‍රීඩාව වර්ථමානයේ ප්‍රධාන
වශයෙන් බස්නාහිර සහ වයඔ පලාත් මුල්කර ගනිමින්
පවතින බව සදහන් කලහැක.

අතීතයේ කෘෂීකර්මාන්තයෙන් තම දිවි පෙවත
එලිපෙහෙලි කරගත් ගැමි ජනතාව වෙල්යායෙන් අස්වැන්න නෙලාගත් පසු එම
වෙල්යාය තම ක්‍රිඩා පිටිය මෙන් යොදාගත් අතර නගරබද සාමාන්‍ය ජනතාවද. එල්ලේ
ක්‍රිඩාව සදහා සුදුසු ස්ථානයන් මෙන්ම
මුහුදුබඩ ආසන්නව ජිවත්වු ධිවර ජනතාවද ක්‍රීඩා කලහැකි ස්ථානයන් සොයා ගනිමින් මෙම ක්‍රීඩාවේ
යෙදී ඇතිබව අප හොදාකාරවම දනිමු.
මෙසේ
එල්ලේ ක්‍රීඩාවේ යෙදුන එම කාලසිමාවන් තුලදී වෙල්යාය පුරා තරග නරඔන්නන්
මෙන්ම තම තමන්ගේ බිරින්දෑවරැන් දරැදැරියන්
දෙමව්පියන්ද නෑදෑ හිතමිතුරන්ද පැමිණ ඉතතා උද්යොගයෙන් යුක්තව තරග නැරඔන ලද
ආකාරය පිළිබද අතිත කථාවන් කොතෙකුත් අසා ඇත්තෙමු.එසේම තරගකරැවන් දිරිමත් කරන ආකාරයද
1970 – 1980 දශකයේදී පවා අප දැක ඇත්තෙමු.නගරබද සාමාන්‍ය පන්තියේ ජනතාව මෙන්ම
මුහුදු බඩ ධිවර ජනතාවද එය එසේම කර ඇතුවාට සැක නැත.
ගමේ වෙල් ඉපනැල්ලේ ක්‍රීඩා කරනු ලබන අයවළුන්
අතරින් දක්ෂ්කම් දක්වන අයවළුන් තෝරා එම ගම්මානයට කණ්ඩායමක් සාදාගන්නා අතර එම කණ්ඩායම අනෙකුත් ගම්මානයන් සමග තරගයන්
පැවත්වන ලබන අතර එම තරගයන්හිදී ගම් මට්ටම්න් සුහදතාවය වර්ධනය කර ගැනීම ප්‍රධානම කාර්යය
ලෙස සලකනු ලැබ ඇති අතර එම එල්ලේ තරග
නැරඹීම සදහා එම ගම් පලාත් වලින් විශාල වශයෙන්
ජනතාව එක්රොක් වන බැවින් හා සුහදතාවය
වර්ධනයකර ගැනීම පිණිස පවත්වන ලද බැවින්ද ඒවා සුහද තරග ගෙස නම් කර
ඇත.වර්ථමානයේ එල්ලේ කණ්ඩායම් සකස් වෙන්නේද පැරණී ක්‍රමයට මෙන්ම පවත්වන තරගද සුහද
තරග වශයෙන් නම් කිරිමද අතීත එග්ගේ ක්‍රීඩාව
හදුනා ගැනීමට හොදම උදාහරණයි.
කෙසේ නමුත් අප වෙසෙන ලෝකය තුල ඉපැරණි ක්‍රීඩාවන්
ගෙන් එකක් වන එල්ලේ ක්‍රීඩාව සදහා යොමු වු දක්ෂ ක්‍රීඩකයින් අතරින් ඉතා උසස් දක්ෂ්කම් පෙන්වා එල්ලේ ක්‍රීඩාවෙන්
මෙන්ම අපගේ ලෝකයද හැරගොස් ඇතත් ඔවුන්
පිළීබද කෙටි සටහනක් පවා සදහන් නොවිම
කණගාටුවට කරැනක් නොවන්නා සේම වර්ථමාන දක්ෂ ක්‍රීඩකයිනටද එසේ නොවන්නේ යැයි
සහතිකයක් දිය හැක්කේ කවුරැන් හටද යන්න ප්‍රශ්ණයකි.
එල්ලේ ක්‍රීඩාව අප ආසන්නම රට වන ඉංදියාව
මෙන්ම සිංගප්පූරැවේද ප්‍රචලිත කරලීමට එවකට පාලනයේ සිටි එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරින් විසින් උත්සාහයන්
ගන්නා ලද අතර එම උත්සාහයන් උද්ගතවු යම්
යම් ප්‍රශ්නයන් නිසා අතරමග නතර වුවද එම උත්සාහයන් මල්පල ගැන්විමට කිසිවකුත් උත්සුක
නොවිම කණගාටුවට කරැණක් නොවන්නේද?
එල්ලේ ක්‍රීඩාව ජනප්‍රීය කරවීම සදහා පෙරමුන
ගත් රාජ්‍ය ආයතන සංස්ථා දෙපාර්තමේන්තු
අතරින් වර්ථමානයේදී පවා එල්ලේ ක්‍රිඩාවට
සහය ලබාදෙන රාජ්‍ය ආයතන දෙපාර්ථමේන්තු හා සංස්ථා කිහිපයක් නැත්තේද නොවේ .එහෙත් ඒවාද මන්දගාමී
ස්වරැපයක් ගෙන ඇති බව නොරහසකි.
ලෝකයේ ඕනෑම රටක ක්‍රීඩාවන් සදහා පාලක මණ්ඩලයක් ඇති අතර එම පාලක මණ්ඩලය විසින් තමන්ට අයත් එම ක්‍රීඩාව දියුනුවේ හිනි පෙත්තට ගෙනයාම මෙන්ම පහත් තලයකට ගෙනයාමට හැකියාවක් ඇති බව අප දනිමු..එහෙත් එල්ලේ ක්‍රීඩාව මෙන් ජත්‍යන්තර තලයකට ගොස් හොමැති ක්‍රීඩාවක් නම් එය ජාත්‍යන්තර තලය දක්වා රැගෙන යාම පාලක මණෟඩලයට පමනක් තනිවම කල නොහැකි කටයුත්තකි.ඒ සදහා එල්ලේ ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩකයින් තරග නරඹන්නන් මෙන්ම ජනමාධ්‍ය වේදීන් ඇතුළු සෑම ශ්‍රී ලාංකීයෙකුගේම යුතුකම බැව් අවසන් වශයෙන් සදහන් කරමි.
මීලග කලාපයෙන්
එල්ලේ ක්‍රීඩාවට පසු නිර්මානය වූ බෝල් ක්‍රීඩාව
ජත්‍යන්තරය ජයගත් ආකාරය
තවත් විස්තර බලන්න>>
තවත් විස්තර බලන්න>>......
තවත් විස්තර බලන්න>>
තවත් විස්තර බලන්න>>......
No comments:
Post a Comment