ඒ කෙසේ වෙතත් ජාතික ක්‍රිඩාව වශයෙන්
සුදුසුකම් ලැබීමට තරම් ජනාදරයට පත් ක්‍රිඩාවක් වුවද ?වසර ගනනක් ගතව ගියද ?එය වර්ථමානයේ පවා ඉබි ගමනින් යන ක්‍රීඩාවක්
බව නොකිව මනාය.විශේෂයෙන් ජනමාධ්‍යන් කිහිපයක් හා මාධ්‍යවේදින් කිහිප දෙනකු
හැරෙන්නට මෙම ක්‍රීඩාව සදහා නෙත් යොමු කරන්නේ කවරෙකුද යන්න ප්‍රශ්න සහගතය. වර්ථමාන ලෝකය තුල ඕනෑම
දෙයක් ජනප්‍රීය තාවයට රෑගෙන යාමට නම් ජනමාධ්‍යට විශාල කාර්්‍යභාරයක්
කලහැකිය. ඒ සදහා උසස් තාක්ෂණයන්ගෙන් පරිපුන් ලෝකයක් තුල අප සිටින බව අමතක නොකල
යුතුයි.අන්තර්ජාලය(Inter net) වර්ථමානයේ ලෝකය තුල ඇති විශ්ව ගම්මානයක් වැනියැයි
උගතුන් විසින් නිර්වචනය කරන්නේ එබැවිනි.
එල්ලේ ක්‍රීඩාවට කුඩාකල සිට ඇලුම් කල මා මෙතෙක්
කලක් අන්තර්ජාලයට(Inter net)වෙත යොමු නොවී තිබු එල්ලේ ක්‍රීඩාව මා ලද විවේක කාලය උපයෝගි
කර ගනිමින් අන්තර් ජාලය (Inter net) හරහා ලෝකය පුරා විසිර
හැරිමට තීරණය කලේ කිසිවකු විසින් එය ඉටුනොකරන බැවින් හා මා ලත් දැනුමින් එල්ලේ ක්‍රීඩාවට
යම් සේවයක් සැලසීමේ මුලික අරමුන ඇතිව බැව් ප්‍රථමයෙන් සදහන් කරමි.
එසේ හෙයින් ප්‍රථමයෙන් මා විසින් අන්තර්
ජාලය (Inter net) හි ඇති ලොව පිලිගත් සමාජ වෙබ්අඩවිය වන මුහුණු
පොත (Facebook) හි ශ්‍රී ලංකා එල්ලේ (Sri Lanka
Elle)යන නමින්
ගිනුමක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩා තොරතුරැ පමණක් ඇතුලත් කර අප රට
තුල මෙන්ම ලොව පුරා සිටින අයවළුන්හට එල්ලේ ක්‍රිඩා තොරතුරැ බලා ගැනීමට සැලස්වන
ලදී.
ඉන්පසුව තවත් එල්ලේ තරග තොරතුරැ තරග කරන
ආකාරය පිළබද ලංකාව තුල සිටින අයවළුන්
මෙන්ම විදේශයන්හි සිටින අයවළුන් දැනුවත් කිරිම සදහා අන්තර් ජාලයේ (Inter net) ඇති යු ටියුබ් (Youtube) හරහා එල්ලේ වීඩියෝපට
ශ්‍රී ලංකා එල්ලේ (Sri Lanka Elle)යන නමින් අන්තර් ජාලයට (Inter net) මුදාහැරියා.ශ්‍රී
ලංකා වාසින්ගෙන් මෙන්ම ලොව පුරා සිටි එල්ලේ ක්‍රීඩාවට ලැදි සෑම අයෙකුගෙන්ම ප්‍රසංසාව
ලැබුනද චිවේචනයන්ද එල්ල නොවුනාමත් නොවේ.
ඒ කෙසේ වෙතත් ඉන් අනතුරැව සියළුම එල්ලේ විස්තර සහිතව බ්ලොග්(Blogs) ලිවිමට හුරැ පුරැදු
විමෙන් පසු එල්ලේ ක්‍රිඩාව
වෙනුවෙන්බ්ලොග්ස්අඩව(http://ellesrilanka.blogspot.com)යන්න ඉංග්‍රීසි
භාෂාවෙන්ද (http://srilankaelle3.blogspot.com)යන්න සිංහල භාෂාවෙන්ද
නිර්මානය කරමින් එල්ලේ ක්‍රීඩා විස්තර අන්තර්ජාලය හරහා ලොව පුරා විසුරැවා හැරිමට
කටයුතු කරන ලදී.
එල්ලේ ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට යනු දැකිමට සිහින මවන ලද පැරණි එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරි මහතුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග නරඹන්නන් කණ්ඩායම් සදහා සහය දක්වන්නන් මෙන්ම තරග සංවිධායක වරැන් විශාල සංඛ්‍යාවක් මේ වනවිට තම සිහිනය සැබැවක් කර නොගනිමින් අප හැර ගොස් අවසන්ය.එම අයවළුන් පිළිබද අප දන්නා තොරතුරැ අනාගත පරපුර වෙත දැනගැනිමට සැලැස්විම වර්ථමාන අප සැමගේ යුතුකම විය යුතුයි යන මාගේ හැගීමයි එය හුදෙක් පටු අරමුණු සදහා නොව අප විසින් ඉටුකලයුතු යුතුකමකු සේ සලකාය .ඒ සදහා හොදම මාධ්‍යය අන්තර්ජාලයයි.ඉන් අප ප්‍රයෝජනයන් ගත යුතුයි .
එල්ලේ ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් නොගිය
වැඩිම වර්ෂ ගනනක් තුල නිර්මාය වි ඇති ක්‍රීඩාවක් බවද අප දන්නා සත්‍යයි.අනාගතයේදී හෝ අපගේ අනාගත
පරපුර වෙනුවෙන් එය ජාත්‍යන්තර තලය රැගෙන
යාමට නම් අන්තර්ජාලයේ (Inter net) එල්ලේ ක්‍රීඩාව තිබිය යුතුමයි.එය එසේ නොවන්නේ නම් 1990
දශකයේ සිටි දක්ෂ ක්‍රීඩකයින් නරඹන්නන් මෙන්ම එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරින් සැමටම
ලැබෙන්නේද පැරණි ක්‍රීඩකමහතුන්ට මෙන්ම සදා
මතකයක් නොව එදිනට ඇති මතකයක් පමනක් වන බැවින් එල්ලේ ක්‍රිඩාවට සැමදින ඇළුම් කරනා
සැම අයෙකුගේම සහය මේ සදහා ලබා දිම අත්‍යවශ්‍ය කරැනක් නොවන්නේද යන්න මදකට කල්පනා කල
යුතුව ඇත.
එබැවින් මෙම වෙබ් පිටුව තවතවත් ජනප්‍රය කරවීමට ක්‍රීයා කරවීම ඔබ සතු යුතුකමක් නොවන්නේද............?????
එබැවින් මෙම වෙබ් පිටුව තවතවත් ජනප්‍රය කරවීමට ක්‍රීයා කරවීම ඔබ සතු යුතුකමක් නොවන්නේද............?????
සියළුම
විමසීම් ප්‍රධාන සංස්කාරක, එල්ලය සගරාව , නො 56 බි , තිබ්බොටුගොඩ , ගණේමුල්ල
දුරකථන : 0718669451. ,0332262409
ඊ
මේල් webmaster@srilankaelle.com ,info@srilankaelle.com
Youtube = Sri Lanka Elle Facebook = Sri Lanka Elle
Blogs Sinhala Elle Details Blog English Elle Details
Blogs Sinhala Elle Details Blog English Elle Details
No comments:
Post a Comment