Monday, February 17, 2014

එල්ලේ ක්‍රිඩාවේ ආභාෂය ලබාගත් බේස්බෝල් ක්‍රීඩාව



එල්ලය සගරාව පටුන
  1. එල්ලේ ක්‍රීඩාවේ ආරම්භය සහ අනාගතය
  2. එල්ලේ ක්‍රීඩාවේ ආභාෂය ලබාගත් බේස්බෝල් ක්‍රීඩාව
  3. එල්ලේ ජයගන්න නම්
  4. ඉතාලියේ එල්ලේ ක්‍රීඩාව
  5. ආයතන එල්ලේ කණ්ඩායම්
  6. එල්ලේ ලොව පෑයූ තරැ
  7. එල්ලේ සහන අරමුදල
  8. එල්ලේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට
  9. එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරීන්
  10. එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට
  11. එල්ලයට තල්ලුවක්
  12. එල්ලේ කණ්ඩායමක් හදුනාගනිමු



                            
නිවරදිව එල්ලය  බලා පන්දුවට පහර දිම එල්ලේ ක්‍රීඩාවේ මූලික ලක්ෂණය විය.එහි ආරම්භය වසර දහස් ගනනක ඈත අතිත .කාලයක් යැයි අඩවාන කල හැක. ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති සෑම දෙයක්ම ආපස්සට තල්ලු කිරිමේ වරදටද එල්ලේ ක්‍රීඩාව හසුවුන්දැයි නිස්චිත වසයෙන්ම කිව නොහැකි වුවද සත්‍යය එයම වී ඇත.අප ශ්‍රී ලාංකීය මුතුන් මිත්තන් තම විනෝද කාලය ගතකිරිම සදහා කල ක්‍රීඩාව වර්ථමානයේ පලාත් කිහිපයකට පමනක් සීමාවී ඇත්තේද එබැවිනි.ප්‍රධන වසයෙන් බස්නාහිර සහ වයඔ පලාත හැරැන කොට අනෙකුත් පලාත්වලින් එල්ලේ ක්‍රීඩාව ක්‍රමයෙන් ඇතට ගොසින් ඇත.තවත් පලාත් කිහිපයක එම ක්‍රීඩාව නැත්තටම නැතිතරම්ය.
මෙයට වසර ගනනකට ප්‍රථම  එල්ලේ ක්‍රීඩාව  ශ්‍රී ලංකාව පුරා කුඩා දරැවනගේ පටන් වැඩි මහළු පුද්ගලයා දක්වා  තම ජනප්‍රියතම  ක්‍රීඩාව වුයේ තම මුතුන් මිත්තන්ගේ සහජ උරැමයකින් ඒ සැම අයෛකු වෙතටම දායාදයක් මෙන් ලද බැවිනි.එසේම වර්ථමාන තරැණ තරැණියන් තුලද දක්නට ඇත්තේත් අනාගත දරැ දැරියන් තුලත් අපට දක්නට හැකියාවක් ලැබෙන්නේත් අතීත මුතුන් මිත්තන්ගේ සහජ උරැමයකින් විනා විශේෂ වු පුහුණු  ක්‍රමවේදයකින්  නොවනු ඇත.
තවද එය ජාතික ක්‍රීඩාව වසයෙන් නම් කිරිමට පවා යෝජිතව තිබුනද   එවකට එල්ලේ ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගොස් නොතිබූ බැවින් ජාතික ක්‍රීඩාව වසයෙන් නම් නොකිරිමට  ජාතික ක්‍රීඩාව  කුමක්ද යන්න තෝරා ගැනීමට පත්කරන ලද මණ්ඩලය විසින් ඉවතට දමා ඇත යන්න  මහජනතාව දන්නා ප්‍රශිද්ධ කරැණකි.
එහෙත් එල්ලේ ක්‍රීඩාවට පසු කාලීනව ලොවට හදුන්වාදුන්  හා එල්ලේ ක්‍රිඩාවේ ආභාසය ලබාගන්නා ලද ක්‍රීඩාවන් වර්ථමානය වනවිට ජිත්‍යන්තර තලය දක්වා ගොස් හමාරය.විශෙෂයෙන් එල්ලේ ක්‍රීඩාව හා සමාන එල්ලේ ක්‍රීඩාවට පසු කාලීනව ලොව බිහිවු බේස් බෝල් ක්‍රිඩාව වර්ථමානයේ  ජාත්‍යන්තර ක්‍රිඩා පිටිද තරණය කරමින් ශ්‍රි ලංකාවේ ක්‍රීඩාංගනයන්ද ආක්‍රමනය කොට ඇත.එය එම ක්‍රිඩාව නිර්මානය කරනු ලැබු රාජ්‍යයන්ගේ මෙන්ම එම රටතුල දිවිගෙවන මහජනතාවගේ දක්ෂතාවය සහ කැපවීම බව මෙහිලා සදහන් කිරිමට කැමැත්තේමි.විශේෂයෙන් එම රටතුල  ජිවත්වු පුවත්පත් වාර්ථාකරැවන් ගෙන් ලද උපරිම සහය නොවන්නට  බේස්බෝල් ක්‍රීඩාවට මෙලෙස කෙටිකලකින් ජාත්‍යන්තරය දක්වා ඒමට හැකි නොවන බැව් එම රටතුල වෙසෙන ජනයා වර්ථමානයේදි පවා පිලිගනිති.
එය කෙසේ වුවද  ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාව පිළිබද මදකට සිත  යොමු කිරිමේදි  බේස් බෝල් ක්‍රීඩාවේ උපන් මව්බිම වන ඇමෙරිකා එක්සත්ජනපදය ආරම්භ වීමටත් වසර දහස්  ගනනක සිට අප රටට ආවේනික එල්ලේ ක්‍රීඩාව පැවති බවට  සැකයක් නැත.එහෙත් කණගාටුවට කරැණ වන්නේ අප රට වැසියන්ගෙන් වැඩි කොටසක්  එල්ලේ ක්‍රීඩාව බේස්බෝල් ක්‍රීඩාවෙන්  පැවත එන බවට වහසි බස් දෙඩිමයි.විෆශ්ෂයෙන් එල්ලේ ක්‍රීඩාවේ මහා පතාක යෝධයන් වූ එමෙන්ම එල්ලේ ක්‍රීඩාවට මහත් සේ ඇළුම් කරනා අයවළුන් පවා එම මතයේ සිට කටයුතු කිරිම අවිසනාවන්ත කමකි
එය එසේ නොවන බවට අනාගත පරපුර හෝ දැනුවත් කිරිම හෝ ඒ පිළිබද තර්කයක් ගොඩ නැගීම මාගේ මෙම උත්සාහයයී.එහි ජය හෝ පැරදුම කෙසේ වෙතත් සත්‍යය සොයා අප යා යුතුයි.එල්ලේ ක්‍රීඩාව අප අනාගත පරපුරට  ඉතා ගෙෘරවනිය ආකාරයෙන් ලබා දීම සියළුම එල්ලේ ක්‍රීඩාවට ලැදි අයවළුන්ගේ යුතුකම බැව් පෙනවා දෙමි.

යටත් විජිතයක් වශයෙන් වසර සිය ගනනක් විදේශිකයන් යටතට පත්ව සිටි ශ්‍රි ලාංකිකයින් 17 වන ශත වර්ෂයේදී  බ්‍රතාන්‍ය ජාතින්ගේ යටතට පත්විය.1815 දී සිංහලයේ අවසන්  රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා  අත් අඩංගුවට ගැනීමෙන් පසු මුළු දිවයිනේම පාලන බලය ඹවුනට නතුවු බව අප සැම දන්නා කරැණකි.


   තවත්  විස්තර බලන්න>>......   


--------------------------------------------------------------------------------------------------
 ප්‍රථම එල්ලේ පුවත් පත
             එල්ලේ ක්‍රීඩාව  ප්‍රථමයෙන් අන්තර්ජාලයට යොමුකල මාගේ මීලග උත්සාහය එල්ලේ ක්‍රීඩා තොරතුරැ සහිත පුවත් පත එලිදැක්විමයි.එම පුවත් සගරාව එල්ලය නමින් කම්කර එහි සියළු විස්තර මෙහි ඇතුලත් කිරිමට කටයුතු කර ඇත.එසේ එල්ලේ ක්‍රීඩාව සදහා පුවත් පතක් කිර්මානය කිරිමට අදහස් කරන ලද්දේ එල්ලේ ක්‍රීඩා තොරතුරැ දිවයින තුල සිටින සෑම අයෙකුගේම දැන ගැනීමට ලක්කිරිම පිනිසයි.මෙම එල්ලේ සගරාව එල්ලේ ක්‍රීඩාවට ලැදි අයවළුන් ගේ අදහස් යෝජනා හා විවේචනයන් ඉති සතුටින් ශාර ගනිමි                                                                                                           
              තවත්  විස්තර බලන්න>>......       
-------------------------------------------------------------------------------------------------

No comments:

Post a Comment